
ලොහාන්ගේ ජීප් රථ සිද්ධිය පසුපස තවත් සිද්ධි වැලක්... ගාලතැන්නේ කපුවාත් රිමාන්ඩ්
තෙල්දෙණිය, දිගන ප්‍රදේශයේ නිවෙසක ගරාජයක තිබී සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත මිට්සුබිෂි පැජරෝ වර්ගයේ ජීප් රථය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන කපුවා වන ගාමිණි ආනන්ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු ඊයේ (03දා) තෙල්දෙණිය වැඩ බලන මහෙස්ත්‍රාත් ස්වර්ණා කරල්ලියද්ද වෙත ඉදිරිපත් කිර්මෙන් පසුව ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
1997 ඇමැතුම් අංකයට ලැබුණු තොරතුරක් මත මෙම ජීප්රිය දිගන අයි.සී.සී. නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් නොමැති නිවෙසක ගරාජයේ තිබී තෙල්දෙණිය පොලිසිය විසින් සොයාගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිස් කණ්ඩායම එම නිවෙසට යාබද පදිංචි දේවගැතිවරයාගේ ඥාති පුතකුගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති අතර ඉන් අනතුරුව දේවගැතිවරයාගෙන්ද ඒ සම්බන්ධයෙන් විමසීමක් කර ඇත.
එහිදී දේවගැතිවරයා පවසා ඇත්තේ එම රථය මීට සති කිහිපයකට පෙර වෙඩි තබාගෙන මියගිය, හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා විසින් එම ස්ථානයට ගෙනැවිත් දැමූ බවය.
ඒ අතර විමර්ශන නිලධාර්න් එම රථයේ අංක තහඩුව සම්බන්ධයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කර ඇති අතර එහිදී අනාවරණය වන්නේ එම අංකය සහිත ලියාපදිංචි වූ තවත් ජීප්රියක් මහනුවර, පිලවල ප්‍රදේශයේ කාන්තාවකට අයත්ව ඇති බවය.
එමෙන්ම එම රථය නිත්‍යනුකූලව ලියාපදිංචි කර ඇති බවත්ය.
ඒ අනුව විමර්ශන නිලධාරීන් අනාවරණය කර ගත්තේ නිත්‍යනුකූල ලියාපදිංචි අංකය භාවිත කරමින් එම ප්‍රාඩෝ රථයද ධාවනය කර ඇති බවය.
එමෙන්ම එම රථය මීට සති කිහිපයකට පෙර ඔහුට ලබාදී ඇති බව ගාලතැන්නේ කපුවා ප්‍රකාශ කළද විමර්ශනවලදී සැකකරනුයේ එම රථය වසරකට වැඩි කාලයක් ඔහු සන්තකයේ තිබූ බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
