ලොහාන්ගේ ජීප් රථ සිද්ධිය පසුපස තවත් සිද්ධි වැලක්... ගාලතැන්නේ කපුවාත් රිමාන්ඩ්
තෙල්දෙණිය, දිගන ප්‍රදේශයේ නිවෙසක ගරාජයක තිබී සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත මිට්සුබිෂි පැජරෝ වර්ගයේ ජීප් රථය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන කපුවා වන ගාමිණි ආනන්ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු ඊයේ (03දා) තෙල්දෙණිය වැඩ බලන මහෙස්ත්‍රාත් ස්වර්ණා කරල්ලියද්ද වෙත ඉදිරිපත් කිර්මෙන් පසුව ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
1997 ඇමැතුම් අංකයට ලැබුණු තොරතුරක් මත මෙම ජීප්රිය දිගන අයි.සී.සී. නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් නොමැති නිවෙසක ගරාජයේ තිබී තෙල්දෙණිය පොලිසිය විසින් සොයාගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිස් කණ්ඩායම එම නිවෙසට යාබද පදිංචි දේවගැතිවරයාගේ ඥාති පුතකුගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති අතර ඉන් අනතුරුව දේවගැතිවරයාගෙන්ද ඒ සම්බන්ධයෙන් විමසීමක් කර ඇත.
එහිදී දේවගැතිවරයා පවසා ඇත්තේ එම රථය මීට සති කිහිපයකට පෙර වෙඩි තබාගෙන මියගිය, හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා විසින් එම ස්ථානයට ගෙනැවිත් දැමූ බවය.
ඒ අතර විමර්ශන නිලධාර්න් එම රථයේ අංක තහඩුව සම්බන්ධයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කර ඇති අතර එහිදී අනාවරණය වන්නේ එම අංකය සහිත ලියාපදිංචි වූ තවත් ජීප්රියක් මහනුවර, පිලවල ප්‍රදේශයේ කාන්තාවකට අයත්ව ඇති බවය.
එමෙන්ම එම රථය නිත්‍යනුකූලව ලියාපදිංචි කර ඇති බවත්ය.
ඒ අනුව විමර්ශන නිලධාරීන් අනාවරණය කර ගත්තේ නිත්‍යනුකූල ලියාපදිංචි අංකය භාවිත කරමින් එම ප්‍රාඩෝ රථයද ධාවනය කර ඇති බවය.
එමෙන්ම එම රථය මීට සති කිහිපයකට පෙර ඔහුට ලබාදී ඇති බව ගාලතැන්නේ කපුවා ප්‍රකාශ කළද විමර්ශනවලදී සැකකරනුයේ එම රථය වසරකට වැඩි කාලයක් ඔහු සන්තකයේ තිබූ බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..