News Category
From Date
To Date
Maximum Number of Result

මහින්දගේ ආරක්ෂාව අඩුකිරීම ගැන ජනාධිපති මාධ්‍ය අංශය කියන්නේ බොරු - නීතිඥ මනෝජ් ගමගේ

Nov 3, 2024 at 06:17 PM
|

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකර ඇති බවට පළවෙන මාධ්‍ය වාර්තා අසත්‍ය බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කල නිවේදනය අසත්‍යයක් යයි නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙලෙස අදහස් දැක්වීය.

"මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධව මුලින්ම අප විසින් අනාවරණය කිරීමෙන් අනතුරුව ප්‍රශ්නසහගත ක්‍රියා කලාපය සම්බන්ධයෙන් වර්තමාන ජනාධිපතිවරයා රජය සම්බන්ධයෙන් දැඩි ජනතා අප්‍රසාදයක් මතුවුණා. මේ නිසා ජනාධිපති මධ්‍යංශයේ තවත් බොරුවක් ජන ගත කිරීමට සැරසෙනවා.

2024.10.31 නියෝජ්‍ය පොලිස්පති,විශේෂ ආරක්ෂක දිශාව (ඩී. වී. පී. අජිත් හේසිරි මහතා ) විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කොට්ඨාශය භාරව කටයුතු කරන අධ්‍යක්ෂ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය පහ වෙත නිල වශයෙන් ලිපියක්‌ යොමු කර තිබෙනවා. එහි පළවෙනි ඡේදයෙන්ම ජනාධිපති මාධ්‍යංශය විසින් නිකුත් කළ ලිපිය බොරුවක් බව පැහැදිලි වනවා. ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් නිලධරයන් අනුයුක්ත කිරීමේ කමිටුව විසින් ගන්නා ලද තීරණය පරිදි මෙම ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධ ලිපිය යොමුකළ බව ඔහු පැහැදිලිව සටහන් කරනවා.

නමුත් ඊයේ දිනයේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වන්නේ එම කමිටුවේ තීරණය පරිදි ඉදිරියේදී තීන්දු තීරණ ගැනීමට සහ කටයුතු කිරීමට නියමිත බවයි.

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ නිකුත් කල නිවේදනය අසත්‍යයක්, එසේ නොමැති නම් නියෝජ්‍ය පොලිස්පති තුමා නිකුත් කල නිවේදනය අසත්‍යයක්. මෙය වහාම ජනතාවට පැහැදිලි කල යුතුයි.

ඊයේ දිනයේදී ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මාහතා විසින් නිසි ආරක්ෂක තක්සේරුවකින් පසුව ආරක්ෂාව අඩු කල බව පිලිගන්නවා. එතුමා කියන්නේ අනුර කුමාර මහතාට හා සමාන ආරක්ෂාවක් මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන බවයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන ජීවිත තර්ජනය අනුර කුමාර සහෝදරයාට නැහැ. මේ රටේ තිබුනේ ත්‍රස්තවාදී සංවිධාන දෙකයි. එකක් එල්. ටී ටී. ඊ සංවිධානය, අනිත් එක 88/89 ජනතා විමුක්ති පෙරමුණ. එල්. ටී ටී. ඊ සංවිධානය සමූල ඝාතනය වුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ වීරෝධාර නායකත්වයෙන්. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරන්න නිර්දේශ කල ආරක්ෂක නිර්දේශයක් පෙන්වන්න කියලා අපි ඉල්ලනවා. කවුද මෙතන බොරු කියන්නේ කියලා අපට තේරෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට‍ ත්‍රීවිල් එකකුත්, ජීප් දෙකකුත්, බයික් දෙකකුත් ‌ දක්වා සහ නිලධාරීන් 60ක්‌ දක්වා ආරක්ෂාව අඩු කරන්නට නිකුත් කල නියෝගයක් අදටත් වලංගුයි. එය තවමත් ආපස්සට කැඳවා නැහැ.නමුත් ජනතා අප්‍රසාදය නිසා මේ නියෝගය ටික ටික ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් දී තිබෙන බව අපට දැනගන්නට තිබෙනවා.

තමන්ගේ ද්වේශ සහගත අරමුණු වෙනුවෙන් මේ රටේ වැඩිම ජීවිත තර්ජනයක්‌ තිබෙන නායකයාගේ ආරක්ෂාව අඩු කිරීමේ තීරණයක් අරගෙන අවසානයේ ඒ බෝම්බය අතේ පත්තු උනාම සියළුම දෙනා බොරු ප්‍රකාශ සිදු කරනවා. පට අවශ්‍ය රටම ආදරේ කරන රටම ගරු කරන නායකයා ආරක්ෂා කර ගැනීමයි.මෙවැනි තත්වයන්ට මුලු ලෝකයේම උදාහරණ රාශියක් තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය කිසිඳු වගකිවයුතු නිලධාරීයෙකුගේ අත්සනක්‌ හෝ නැතිව මේ නිවේදනය නිකුත් කර තිබෙනවා.එවැනි නිවේදනයක්‌ විශ්වාස කිරීමේ හැකියාවක්‌ තියෙනවද?

මේක අනුර දිසානායක හෝ හරිනි මැතිණිය යුද්ධය ඉවර කරපු රටක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවර කරපු රටක්.දෙමල ඩයස් පෝරාව හරහා එල්. ටී. ටී. ඊ. සංවිධායනයේ අදිසි හස්තයන් කැනඩාව,එක්සත් රාජධානිය, යුරෝපය මුල් කර ගනිමින් දෙමළ ඩයස් පෝරාව අදටත් ක්‍රියාත්මක වෙනවා. අදටත් විරෝධතා වලදී මහින්ද රාජපක්ෂ මහතාගේ පඹයෝ හදලා ගිණි තියනවා. ඔවුන්ගේ වෛරය කොච්චරද කියලා අපට අදටත් පේනවා.

මේක ස්විසරලන්තය නෙවෙයි කියලා කියපු උපදෙස් අනුව හරිනි අගමැති තුමියට ආරක්‍ෂාව වැඩිකරගත යුතු නම්, යුද්ධය ඉවර කරපු නායකයාගේ ආරක්ෂාව තර්ජනයක් වන ආකාරයට අඩු කරන්නේ කවුරු පිනවන්නද කියලා අපට අහන්න වෙනවා.

ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල ලේඛනයේ සඳහන් වෙන්නෙ සම්පුර්ණයෙන්ම අසත්‍ය කරුණු.දැනටමත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට‍ ත්‍රීවිල් එකකුත්, ජීප් දෙකකුත්, බයික් දෙකකුත් දෙන්න නිල වශයෙන් පිළිගත හැකි ලියවිල්ලක් තිබෙනවා.

ඒ ලියවිල්ලේ පොලිස් නිලධාරීන් 180 දෙනෙකු දීල තියෙනවා කියලා සඳහන් වෙනවා,නමුත් 60 දෙනෙකුට වඩා තියාගන්න බැහැ කියලා මුල් ලිපියේ සඳහන් වෙනවා.පක්ෂ විපක්ෂ භේදයකකින් තොරව ජනතා අප්‍රසාදය එල්ල උනායින් පස්සේ තමන් ගත්ත තීරණය වසන් කරන්නට මේ ආකාරයේ බොරු කියන්න එපා කියලා ඉල්ලා සිටිනවා.මේ අවස්ථාවේ අපිට කිසිවෙකුගේ අනුකම්පාව ලබා ගැනීමට හෝ දේශපාලන වාසි ලබා ගැනීමට අවශ්‍යතාවයක් නැහැ.

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය විනාශ කරපු මැදමුලනේ මහින්ද කියන්නේ සිංහයෙක් වගේ මනුස්සයෙක්.එතුමා කවදාවත් එතුමාගේ ආරක්ෂාව වැඩි කරන්න කියලා ඉල්ලන්නේ නැහැ.නමුත් ඒ සිංහයාව ආරක්ෂා කරගන්න ඕනේ නිසා අපි ඒ දේ ඉල්ලනවා. මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ පුරවෘත්තයක් වන නායකයෙක්.එතුමාගේ ජීවිතය අවදානමක යොමු කරන්න පක්ෂයක්‌ ලෙස අපි ඉඩ ලබා දෙන්නේ නැහැ.ජනතාව ඉඩ ලබා දෙන්නෙත් නැහැ.ඒ නිසා බොරු මාධ්‍ය නිවේදන නිකුත් නොකර නිල වශයෙන් මේ නියෝගය අකුලා ගන්නා ලෙස අපි දැනුම් දෙනවා.

මේ 60ක්‌ කියලා ඉතිරි කරන පිරිසට රියදුරන්,ලිපිකරුවන්, පරිපාලන නිලධාරීන්, ඇතුලු පිරිසක් ඇතුලත් වනවා. මේ සියල්ල ආරක්ෂක කටයුතු වල නිරත වන්නේ නැහැ. රාජකාරි ලැයිස්තුව (Roster) අනුව , වරකට ආරක්ෂාව සැපයිමට නියමිත වන්නේ 20දෙනයි.මේ සියල්ල ආරක්ෂක අංශ වලින් තහවුරු කරගෙන වගකීමෙන් කියන කරුණු.

අනුර කුමාර ජනාධිපතිතුමාටත් වෙඩි නොවදින රථයක් තිබුන නම් හොඳයි කියලා හිතෙන තත්වයට ඇවිත් තියෙනවා නම්,මේ ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදය විනාශ කල නායකයාගේ ජීවිතය ආරක්ෂා කරන්නට වරකට 20දෙනෙකු ප්‍රමාණවත් ද?"

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන්ගේ පැමිණීම තවදුරටත් ඉහළයෑම හේතුවෙන් ඉදිරි දෙදින තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. සිරි දළදා වන්දනාව 2025.04.18 වන දින ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.
දළදා ප්‍රදර්ශනය සඳහා දියවඩන නිලමේලා වෙනම පෝලිමක් සාදා ඇතුළු කරමින් සිටින බවට ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී දේවානන්ද සුරවීර මහතා සඳහන් කරයි.
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය මගින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.
පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.
හිටපු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩකයකු වන මලින්ද වර්ණපුර දේවගැතිවරයෙකු බවට පත්ව ඇත.
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගියදා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයේ යෙදුනු අවස්ථාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබූ ආරක්ෂක ගිවිසුමේ ඇතැම් කරුණු හෙළිදරව් කිරීමට ද්විපාර්ශවිය එකඟතාවක් අවශ්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.

දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.

ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.