News Category
From Date
To Date
Maximum Number of Result

මහින්දගේ ආරක්ෂාව අඩුකිරීම ගැන ජනාධිපති මාධ්‍ය අංශය කියන්නේ බොරු - නීතිඥ මනෝජ් ගමගේ

Nov 3, 2024 at 06:17 PM
|

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුකර ඇති බවට පළවෙන මාධ්‍ය වාර්තා අසත්‍ය බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කල නිවේදනය අසත්‍යයක් යයි නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙලෙස අදහස් දැක්වීය.

"මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධව මුලින්ම අප විසින් අනාවරණය කිරීමෙන් අනතුරුව ප්‍රශ්නසහගත ක්‍රියා කලාපය සම්බන්ධයෙන් වර්තමාන ජනාධිපතිවරයා රජය සම්බන්ධයෙන් දැඩි ජනතා අප්‍රසාදයක් මතුවුණා. මේ නිසා ජනාධිපති මධ්‍යංශයේ තවත් බොරුවක් ජන ගත කිරීමට සැරසෙනවා.

2024.10.31 නියෝජ්‍ය පොලිස්පති,විශේෂ ආරක්ෂක දිශාව (ඩී. වී. පී. අජිත් හේසිරි මහතා ) විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කොට්ඨාශය භාරව කටයුතු කරන අධ්‍යක්ෂ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය පහ වෙත නිල වශයෙන් ලිපියක්‌ යොමු කර තිබෙනවා. එහි පළවෙනි ඡේදයෙන්ම ජනාධිපති මාධ්‍යංශය විසින් නිකුත් කළ ලිපිය බොරුවක් බව පැහැදිලි වනවා. ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් නිලධරයන් අනුයුක්ත කිරීමේ කමිටුව විසින් ගන්නා ලද තීරණය පරිදි මෙම ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධ ලිපිය යොමුකළ බව ඔහු පැහැදිලිව සටහන් කරනවා.

නමුත් ඊයේ දිනයේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වන්නේ එම කමිටුවේ තීරණය පරිදි ඉදිරියේදී තීන්දු තීරණ ගැනීමට සහ කටයුතු කිරීමට නියමිත බවයි.

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ නිකුත් කල නිවේදනය අසත්‍යයක්, එසේ නොමැති නම් නියෝජ්‍ය පොලිස්පති තුමා නිකුත් කල නිවේදනය අසත්‍යයක්. මෙය වහාම ජනතාවට පැහැදිලි කල යුතුයි.

ඊයේ දිනයේදී ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මාහතා විසින් නිසි ආරක්ෂක තක්සේරුවකින් පසුව ආරක්ෂාව අඩු කල බව පිලිගන්නවා. එතුමා කියන්නේ අනුර කුමාර මහතාට හා සමාන ආරක්ෂාවක් මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන බවයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන ජීවිත තර්ජනය අනුර කුමාර සහෝදරයාට නැහැ. මේ රටේ තිබුනේ ත්‍රස්තවාදී සංවිධාන දෙකයි. එකක් එල්. ටී ටී. ඊ සංවිධානය, අනිත් එක 88/89 ජනතා විමුක්ති පෙරමුණ. එල්. ටී ටී. ඊ සංවිධානය සමූල ඝාතනය වුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ වීරෝධාර නායකත්වයෙන්. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරන්න නිර්දේශ කල ආරක්ෂක නිර්දේශයක් පෙන්වන්න කියලා අපි ඉල්ලනවා. කවුද මෙතන බොරු කියන්නේ කියලා අපට තේරෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට‍ ත්‍රීවිල් එකකුත්, ජීප් දෙකකුත්, බයික් දෙකකුත් ‌ දක්වා සහ නිලධාරීන් 60ක්‌ දක්වා ආරක්ෂාව අඩු කරන්නට නිකුත් කල නියෝගයක් අදටත් වලංගුයි. එය තවමත් ආපස්සට කැඳවා නැහැ.නමුත් ජනතා අප්‍රසාදය නිසා මේ නියෝගය ටික ටික ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් දී තිබෙන බව අපට දැනගන්නට තිබෙනවා.

තමන්ගේ ද්වේශ සහගත අරමුණු වෙනුවෙන් මේ රටේ වැඩිම ජීවිත තර්ජනයක්‌ තිබෙන නායකයාගේ ආරක්ෂාව අඩු කිරීමේ තීරණයක් අරගෙන අවසානයේ ඒ බෝම්බය අතේ පත්තු උනාම සියළුම දෙනා බොරු ප්‍රකාශ සිදු කරනවා. පට අවශ්‍ය රටම ආදරේ කරන රටම ගරු කරන නායකයා ආරක්ෂා කර ගැනීමයි.මෙවැනි තත්වයන්ට මුලු ලෝකයේම උදාහරණ රාශියක් තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය කිසිඳු වගකිවයුතු නිලධාරීයෙකුගේ අත්සනක්‌ හෝ නැතිව මේ නිවේදනය නිකුත් කර තිබෙනවා.එවැනි නිවේදනයක්‌ විශ්වාස කිරීමේ හැකියාවක්‌ තියෙනවද?

මේක අනුර දිසානායක හෝ හරිනි මැතිණිය යුද්ධය ඉවර කරපු රටක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවර කරපු රටක්.දෙමල ඩයස් පෝරාව හරහා එල්. ටී. ටී. ඊ. සංවිධායනයේ අදිසි හස්තයන් කැනඩාව,එක්සත් රාජධානිය, යුරෝපය මුල් කර ගනිමින් දෙමළ ඩයස් පෝරාව අදටත් ක්‍රියාත්මක වෙනවා. අදටත් විරෝධතා වලදී මහින්ද රාජපක්ෂ මහතාගේ පඹයෝ හදලා ගිණි තියනවා. ඔවුන්ගේ වෛරය කොච්චරද කියලා අපට අදටත් පේනවා.

මේක ස්විසරලන්තය නෙවෙයි කියලා කියපු උපදෙස් අනුව හරිනි අගමැති තුමියට ආරක්‍ෂාව වැඩිකරගත යුතු නම්, යුද්ධය ඉවර කරපු නායකයාගේ ආරක්ෂාව තර්ජනයක් වන ආකාරයට අඩු කරන්නේ කවුරු පිනවන්නද කියලා අපට අහන්න වෙනවා.

ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල ලේඛනයේ සඳහන් වෙන්නෙ සම්පුර්ණයෙන්ම අසත්‍ය කරුණු.දැනටමත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට‍ ත්‍රීවිල් එකකුත්, ජීප් දෙකකුත්, බයික් දෙකකුත් දෙන්න නිල වශයෙන් පිළිගත හැකි ලියවිල්ලක් තිබෙනවා.

ඒ ලියවිල්ලේ පොලිස් නිලධාරීන් 180 දෙනෙකු දීල තියෙනවා කියලා සඳහන් වෙනවා,නමුත් 60 දෙනෙකුට වඩා තියාගන්න බැහැ කියලා මුල් ලිපියේ සඳහන් වෙනවා.පක්ෂ විපක්ෂ භේදයකකින් තොරව ජනතා අප්‍රසාදය එල්ල උනායින් පස්සේ තමන් ගත්ත තීරණය වසන් කරන්නට මේ ආකාරයේ බොරු කියන්න එපා කියලා ඉල්ලා සිටිනවා.මේ අවස්ථාවේ අපිට කිසිවෙකුගේ අනුකම්පාව ලබා ගැනීමට හෝ දේශපාලන වාසි ලබා ගැනීමට අවශ්‍යතාවයක් නැහැ.

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය විනාශ කරපු මැදමුලනේ මහින්ද කියන්නේ සිංහයෙක් වගේ මනුස්සයෙක්.එතුමා කවදාවත් එතුමාගේ ආරක්ෂාව වැඩි කරන්න කියලා ඉල්ලන්නේ නැහැ.නමුත් ඒ සිංහයාව ආරක්ෂා කරගන්න ඕනේ නිසා අපි ඒ දේ ඉල්ලනවා. මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ පුරවෘත්තයක් වන නායකයෙක්.එතුමාගේ ජීවිතය අවදානමක යොමු කරන්න පක්ෂයක්‌ ලෙස අපි ඉඩ ලබා දෙන්නේ නැහැ.ජනතාව ඉඩ ලබා දෙන්නෙත් නැහැ.ඒ නිසා බොරු මාධ්‍ය නිවේදන නිකුත් නොකර නිල වශයෙන් මේ නියෝගය අකුලා ගන්නා ලෙස අපි දැනුම් දෙනවා.

මේ 60ක්‌ කියලා ඉතිරි කරන පිරිසට රියදුරන්,ලිපිකරුවන්, පරිපාලන නිලධාරීන්, ඇතුලු පිරිසක් ඇතුලත් වනවා. මේ සියල්ල ආරක්ෂක කටයුතු වල නිරත වන්නේ නැහැ. රාජකාරි ලැයිස්තුව (Roster) අනුව , වරකට ආරක්ෂාව සැපයිමට නියමිත වන්නේ 20දෙනයි.මේ සියල්ල ආරක්ෂක අංශ වලින් තහවුරු කරගෙන වගකීමෙන් කියන කරුණු.

අනුර කුමාර ජනාධිපතිතුමාටත් වෙඩි නොවදින රථයක් තිබුන නම් හොඳයි කියලා හිතෙන තත්වයට ඇවිත් තියෙනවා නම්,මේ ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදය විනාශ කල නායකයාගේ ජීවිතය ආරක්ෂා කරන්නට වරකට 20දෙනෙකු ප්‍රමාණවත් ද?"

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ චීවරය බන්ධනාගාරය තුළදී බලහත්කාරයෙන් ඉවත් කළ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව, බන්ධනාගාර කොමසාරිස් සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා පවසයි.
සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.
වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.
බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන‘ පස් වන දිනය අදයි.
සිරදඬුවම් නියමවීමෙන් පසුව බන්ධනාගාර නිලධාරින් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමේ විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා අද (14) ඉවත් වී තිබේ.
සිරදඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්දනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබීය.
සෞදි අරාබියේදී මරණ දණ්ඩනය නියම වී සිටි අනෝජන් සිවරාසා නමැති ශ්‍රී ලාංකිකයාට පනවා තිබූ එම මරණීය දණ්ඩනය එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉවත් කර ඇති බව වාර්තා වේ.
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට නියෝග කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුලු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවට අදාලව විමර්ශන කටයුතු අවසන් බැවින් අධි චෝදනා ගොනු කිරිමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දන්නා සිටියේය.

ප්‍රධාන පුවත්

කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්‍යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

යුරෝපයේ මහා පරිමාණ සංක්‍රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..

වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.

මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් අත්හිටුවා ඇති (freezed) වගා සමාගම්වල හිමිකාරීත්වයන් විසින් මහ බැංකුවේ නියාමන කමිටුවල සාමාජිකයින් සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ චෝදනා එල්ල කරමින් සිටී.

කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?

ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.

ප්‍රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..

ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.