විදේශයන්හි සේවය කරන ශ්රී ලාංකිකයින් නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 530.1ක් රටට එවා ඇතැයි වාර්තා වේ. ඒ අනුව 2024 වසරේ මේ දක්වා රටට එවා ඇති විදෙස් මුදල් ප්රමානය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.0 ක් වැනි පහළ අගයක් බව විද්වත්හු පවසති. කෙසේ වුවද මෙම අගය 2020 වසරේ දී ශ්රී ලාංකිකයන් එක් මසකදී රට එවූ ඉහළම විදෙස් මුදල් ප්රමානය සැලකිය යුතු මට්ටමකින් පසු කර ඇතැයි විශ්ලේශකයෝ පවසති.
සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද් රුසියාවේ සරණාගතභාවය ලබා ඇති අතර ඔහුගේ පවුලේ අය සමඟ මොස්කව් වෙත පැමිණ ඇති බව රුසියානු පුවත් ඒජන්සි RIA Novosti සහ TASS ඊයේ(08) වාර්තා කළේය. 24 වසරක අසාද්ගේ පාලනය අවසන් කරමින් සිරියානු සටන්කාමීන් දමස්කස්හි පාලනය අත්පත් කර ගැනීමත් සමඟ අසාද් මෙලෙස සිරියාවෙන් පලා ගොස් තිබේ.
මෙරට ලුණු නිෂ්පාදනය අඩු වීම සම්බන්ධයෙන් සොයාබැලීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්යංශය පවසයි. එහි ප්රකාශකයෙකු සඳහන් කළේ පසුගිය වසරේ සහ මේ වසරේ මෙරට ලුණු නිෂ්පාදනය අඩු වී ඇති බවට ලුණු නිෂ්පාදන සමාගම් විසින් වාර්තාවක් ලබාදී ඇති බවය. ඒ සම්බන්ධයෙන් වහාම සොයාබලා ඊට පිළියම් යෙදීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්යංශය සඳහන් කළේය. පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට ලුණු නිෂ්පාදනය පසුගිය වසරේ සහ මේ වසරේ සියයට 40කින් පමණ පහළ ගොස් ඇති බව වාර්තා වෙයි. ඒ අනුව මේ වනවිට රටතුළ නිෂ්පාදනයේ අඩු වීමක් පවතින අතර ඊට පිළියමක් ලෙස ලුණු ආනයනය කිරීමට අවශ්ය පියවර ගන්නා ලෙස ලුණු සමාගම් අමාත්යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
පොළොන්නරුව ප්රදේශයේ සහල් මෝල් අද (08) දිනයේ විශේෂ පරික්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. එහි ප්රකාශකයෙකු සඳහන් කළේ සහල් මෝල්වල දෛනිකව නිෂ්පාදනය කරන සහල් ප්රමාණය, දැනට පවතින තොග ප්රමාණය සහ වෙළෙදපොළට නිකුත් කරන සහල් ප්රමාණය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීම මෙහිදී සිදුකරන බවය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි සියලුම සහල් මෝල්වල තොරතුරු ලබාගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කළේය. ඊයේ (07) දිනයේදී සහල් මෝල් හිමියන් සහ ජනපති අතර පැවැති සාකච්ඡාවකදි ජනාධිපතිවරයා පැවසුවේ අද දිනයේ සිට සියලුම සහල් මෝල් සඳහා පාරිභෝගික කටයුකු අධිකාරියේ නිලධාරීන් යොදවන බවය.
ප්රධාන පුවත්
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ