ජනපතිගේ සහ නි.ආරක්ෂක ඇමැතිගේ අතීතය පස්සෙන් පන්නයි
දේශපාලකයන් පසුපසින් අතීතය ලුහුබැඳ ඒම වැළක්විය නොහැකිය.
නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ සහ මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි වැනි ජාතික ජන බලවේගයේ සාමාජිකයන් අතීතයේ සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශ කළ ප්‍රකාශ සහ ඔවුන් කළ ප්‍රසිද්ධ ප්‍රකාශ දැන් ඇතැම් විට ඔවුන්ට පාරාවළල්ලක් වී ඇති බව දැකගත හැකිය.
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සම්බන්ධයෙන්ද මේ දිනවල එම තත්වය සමානය.
ඔහු පසුගිය මැතිවරණ වේදිකාවේ කළ ප්‍රකාශයක් මේ දිනවල වේගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
එහිදී ඔහු පවසන්නේ, ‘ජාතික ආරක්ෂාව පිළිබඳව නොදන්නා’ අය මේසයක් සහ පුටුවක් රැගෙන් තමා හමුවීමට පැමිණෙන ලෙසයි. එවිට ඔහුට මෙම විෂය පිළිබඳව ‘ටියුෂන්’ ලබාදිය හැකි බව ඔහු පවසයි.
කෙසේවෙතත් පසුගිය දිනවල වාර්තා වූ වෙඩි තැබීම් සහ ඝාතන හමුවේ එම ප්‍රකාශය ඔහුට එරෙහිව පාරාවළල්ලක් වී ඇත.
ඊයේ පොලිසිය කියා සිටියේ, ‘සැඟවුණු ආයුධ’ සොයාගැනීමට රැගෙන ගිය පසු, නිලධාරීන්ගේ ගිනි අවි පැහැර ගැනීමට සහ ඔවුන්ට පහර දීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් මියගිය බවයි.
සිකුරාදා රාත්‍රියේ කොටහේනේදී පුද්ගලයෙකුට මාරාන්තික වෙඩි තැබීම සම්බන්ධයෙන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබිණි.
පොලිසිය එය නිවේදනය කළ විගසම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පැරණි වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය විය.
ඔහු විපක්ෂයේ සිටියදී, පොලිසිය විසින් කරන ලද එවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කරන අයුරු දක්නට ලැබිණි. මෙම වීඩියෝ පටය 2021 දෙසැම්බර් මාසයේදී විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී කළ කතාවක කොටසකි.
පොලිස් අත්අඩංගුවේදී වෙඩි වැදී පුද්ගලයන් මියයෑම ඔහු හඳුන්වන්නේ තිර පිටපතකට රඟදක්වන නාටකයක් ලෙසිනි.
එවැනි සිදුවීම් හරහා ප්‍රචලිත වී ඇති ‘ඝාතන සංස්කෘතිය’ පොලිසිය විසින් අවසන් කළ යුතු බවත්, වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට පියවර ගත යුතු බවත් අවධාරනය කරමින් ඔහු තම කතාව අවසන් කරයි.
මෙම වීඩියෝ පට නැවත හුවමාරු කරගන්න අය ප්‍රශ්න කරන්නේ, අනුර දිසානායක නායකත්වය දෙන ආණ්ඩුවක් යටතේ එවැනි සිදුවීමක් වාර්තා වී ඇති විට ජනාධිපතිවරයා ලෙස ඔහු කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්ද යන්නයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්