වෛද්‍යවරුන්ගෙන් රජයට චෝදනා
වර්තමාන ආණ්ඩුව මීට පෙර පැවැති කිසිඳු ආණ්ඩුවක් නොකළ ආකාරයට අයවැය හරහා වෛද්‍යවරු දැඩි අපහසාත්මක තත්වයකට පත්කර ඇති බවත් වෛද්‍යවරුන්ගේ ද සහය ලැබූ ආණ්ඩුව වෛද්‍යවරු කබලෙන් ලිපට දමා ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පැවසීය.
වෛද්‍යවරුන්ගේ ශ්‍රේණිය පවා සැහැල්ලුවට ලක්කරමින් ආණ්ඩුව අයවැය සකස් කිරීමේදී කටයුතු කර ඇති බව කියන වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා රාජ්‍ය සේවකයන් මෙවැනි අපහසාත්මක තත්වයකට මීට පෙර කිසිඳු අයවැයකින් කරනොමැති බව ද සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව පත්කිරීමට වෛද්‍යවරුන්ගෙන් සියයට 80 කට වැඩි ප්‍රතිශතයක් සහය දැක්වූ බවත් මාලිමා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස වෛද්‍යවරු 15 ක් පමණ කටයුතු කරන බවත් ඒ මහතා කීය.
ඇයැව හරහා වෛද්‍යවරුන්ගේ දළ වැටුප ද අඩුවීමකට ලක්ව ඇති බවත් වෛද්‍යවරුන්ගේ අමතර සේවා දීමනාව මූලික වැටුපෙන් 80 න් එකක් වශයෙන් ද, නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 20 න් 1 ක් වශයෙන් ද, පැවැති අතර අයවැයෙන් එම දීමනා පිළිවෙළින් 120 න් 1 වශයෙන් ද, 30 න් 1 ක් වශයෙන් ද අඩු කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගනු ලබන ඕනෑම පියවර සඳහා කුමන හෝ ආකාරයෙන් සහය දැක්වීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සූදානමින් සිටින බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්