ඉන්දියාව රුසියාවෙන් කරන බොරතෙල් ආනයනය තියුනු ලෙස පහත දමයි
2023 ජනවාරි මාසයෙන් පසුව පසුගිය පෙබරවාරි මාසයේදී රුසියාවෙන් ඉන්දියාව ආනයනය කරන බොරතෙල් ප්‍රමානය අවම මට්ටමට පහත වැටී ඇති බව වාර්තා පවසයි. මෙම තත්වය ඇතිවී තිබෙන්නේ, එක්සත් ජනපද පරිපාලනය රුසියානු බලශක්ති සමාගම් කිහිපයකට සහ තෙල් ටැංකි ගණනාවකට එරෙහිව සම්බාධක පැනවීමෙන් සති කිහිපයකට පසුව වීමද විශේෂත්වයකි.
රුසියානු-යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු රුසියාවේ දෙවන විශාලතම තෙල් ගැනුම්කරු බවට ඉන්දියාව පත් විය. එම ආනයන්යන් පසුගිය ජනවාරි මාසයට වඩා 14.9% ක අගයකින් අඩු වූ අතර, එය පෙබරවාරි මාසයේදී දිනකට බැරල් මිලියන 1.4 ක් පමණ වන සාමාන්‍යය අගයක් ගත් බව Kpler හි දත්ත උපුටා දක්වමින් පසුගිය 28 දා Bloomberg ආයතනය වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටියේය.
Kpler දත්ත වලට අනුව රුසියාවෙන් බොරතෙල් ආනයනය නැවැත්වීම හේතුවෙන් ඇතිවන හිඟය ප්‍රධාන වශයෙන් ඉරාකය සහ සෞදි අරාබිය විසින් පියවා ඇති බවද Bloomberg පවසයි. උදාහරණයක් ලෙස, ඉන්දියාවේ දෙවන විශාලතම සැපයුම්කරු වන ඉරාකයෙන් නැව්ගත කිරීම් පෙබරවාරි මාසයේදී 8.3% කින් ඉහළ ගොස් තිබුණි. ඉන්දියානු පිරිපහදුකරුවන් ද නයිජීරියාව, ඇන්ගෝලාව, මෙක්සිකෝව සහ කොලොම්බියාවෙන් වැඩිපුර මිලදී ගැනීම් කර තිබුණි. ඉන්දියාව රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම් ඉදිරි මාස දෙක තුළ තවදුරටත් පහත දමනු ඇතැයි අපේක්ෂා කරන බව Bloomberg වාර්තාව පුරෝකතනය කළේය.
ජනවාරි මාසයේදී ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් පනවන ලද නවතම සම්බාධක, ගෑස්ප්‍රොම් නෙෆ්ට් සහ සර්ගුට්නෙෆ්ටෙගාස් ඇතුළු රුසියානු තෙල් නිෂ්පාදකයින් මෙන්ම රුසියානු බොරතෙල් ප්‍රවාහනය කරන නාවික යාත්‍රා 183 ක් ඉලක්ක කර ගත්හ. මෙම පියවරයන් ලොව තුන්වන විශාලතම තෙල් ආනයනකරු වන ඉන්දියාවට සහ ලොව විශාලතම ආනයනකරු වන චීනයට බලපා ඇත.
පෙබරවාරි මාසයේ නවදිල්ලියේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්, සම්බාධක නොතකා, රුසියාව ඉන්දියාව ඇතුළු ගෝලීය වෙළඳපොළට තෙල් සැපයීම දිගටම කරගෙන යනු ඇති බව රුසියානු පළමු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය පාවෙල් සොරොකින් අවධාරණය කළේය. "අපි ප්‍රායෝගිකයි. අපි අපේ සබඳතා අගය කරනවා, වෙළඳපොළට සැපයුම් දිගටම කරගෙන යනවා. ආර්ථික දෘෂ්ටි කෝණයකින් අපේ සම්පත් තරඟකාරීයි." සොරොකින් පැවසීය.
රුසියාව ඉන්දියාවට ද්‍රව ස්වභාවික ගෑස් (LNG) නැව්ගත කිරීම් වැඩි කරන බව ද ඔහු යෝජනා කළේය. නවදිල්ලිය දැනට කටාර් සහ ඇමරිකා එක්සත් ජනපදය යන දෙඅංශයෙන්ම සුපිරි ශීත කළ ඉන්ධන ආනයනය කරන අතර එමඟින් ඉන්දියානු ඉල්ලුමෙන් 50% ක් පමණ සපුරාලයි.
යුක්රේන ගැටුමේදී ඉන්දියාව රාජ්‍ය තාන්ත්‍රික කඹයක් දිගේ ගමන් කර ඇති අතර, එක්සත් ජනපදය සහ යුරෝපය සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගෙන යන අතරම රුසියාව සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වය පුළුල් කළේය. ඒ අනුව රුසියාව ඉන්දියාවේ විශාලතම තෙල් සැපයුම්කරු ලෙස මතුවී ඇත.
ඉන්දියාවේ රුසියානු තානාපති ඩෙනිස් අලිපොව් පසුගිය 27 වනදා නිව්ස් 18 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තෙල් හා ගෑස් සඳහා වඩාත්ම ලාභදායී ප්‍රභවයන් සොයා ගැනීම සඳහා නවදිල්ලියේ ප්‍රවේශය අගය කළ අතර රුසියාව විශ්වාසදායක සහ දැරිය හැකි බලශක්ති සැපයුම්කරුවෙකු වී ඇති බවද සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්