News Category
From Date
To Date
Maximum Number of Result

නිවැරදි ආර්ථික කළමනාකරණයක් තුළින් 2028 වන විට ණය ගෙවීමේ ශක්‍යතාවක් ඇති කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර දිසානායක පවසයි.

අද (19) උදෑසන 10.00ට පමණ අලුත් කඩේ උසාවි සංකීර්ණයේ අංක 05 දරණ අධිකරණය තුලදී වෙඩි තබා ඝාතනය කළ අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නැමැත්තාගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් 12 දෙනෙකු යොදවා සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග සඳහන් කළා.

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් දේශීයව නිෂ්පාදනය කර ඇති පන් මල්ලක හෙවත් පන් ෆයිල් එකක දමාගෙන ඇවිත් කියවනු ලබුවේ IMF එකේ වැඩපිළිවෙලට අදාල ලියවිල්ලක් බවත් එමගින් මෙරට සියලුම සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන විනාශයට ඇදගෙන යන බවත් පෙරටුගාමී සමාජවොදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසයි.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සඳහා නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලාගත් දෙදෙනෙකු පැමිණ ඇතැයි පොලීසිය පවසයි.

වත්මන් ආණ්ඩුවේ බොහෝ සභාපතිවරුන් වැටුප් ලබා නොගෙන නොමිලේ සේවය ලබා දෙන බව කිව්වද තෙල් සංස්ථාවේ වත්මන් සභාපතිවරයා රුපියල් හයලක්ෂ විසිපන්දහසක් මාසිකව ලබාගන්නා බව විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) පැවසීය.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළේය.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ වෙඩිතැබීමේ සිද්ධියක් මීට ටික වේලාවකට පෙර වාර්තා විය.

නාම යොජනා අහෝසි කළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැන්පත් කර තිබෙන ඇප මුදල් නැවත මුදා හැරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක පැවසීය.

ජාතික ජන බලවේග ආණ්ඩුව ඊයේ (පෙබ. 17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අයවැයෙහි දිගුවක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන පැවසීය.


ප්‍රධාන පුවත්

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.