News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපතිතුමන් විසින් ක්‍ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලේ සංකල්පීය අදහස පමණක් ඉදිරිපත් කර ඇති බව කර්මාන්ත නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. ඉතා විද්‍යාත්මක ජන සහභාගිත්ව වැඩපිළිවෙළක් වන එහි ජනතාවත් රටක් ඉදිරියට ගන්නා ආකාරය පැහැදිලි කරන ක්‍රියාකාරී වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ ඉදිරි සති දෙකක කාලය ඇතුළත බවද හෙතෙම පවසයි.

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා මාධ්‍ය ආයාතනය එක්ව ජනවාරි මස 10 වනදා සිට පෙබරවාරි 2 වෙනිදා දක්වා කොළඹ ඇතුලු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කිහිපයක ප්‍රදර්ශනය කිරීමට නියමිත ලෝක ප්‍රවෘත්ති ඡායාරූප ප්‍රදර්ශනය 2024 රුසියාව සම්බන්ධයෙන් බරපතල වැරදි අර්ථකථනයක් ලබා දීමට කටයුතු කර ශ්‍රී ලංකාවේ ඇතැයි රුසියානු තානාපති කාර්යාලය පවසයි

පක්ෂ නායකත්වයන් ගැන නොසිතා සජබ එජාප සියලු දෙනා එක්ව වැඩ කර ජයග්‍රහණය ලබාගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩුවෙල ආසනයේ සමගි ජන බලවේග පළාත් පාලන නියෝජිත පිරිසක් හමුවේ පැවසීය.

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සිව්දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ.

අගමැතිනි හරිනි අමරසූරිය අගමැති පුටුවේ අසුන් ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කරන ලද්දේ කෙතරම් අවශ්‍ය වුවද පෙර පරිදි නිදහසේ ගමන් බිමන් යෑමට සිය නිල ආරක්ෂකයන් අවස්ථාව ලබානොදෙන බවයි.

යුක්රේන-රුසියා ගැටුමේදී මියගිය හිටපු හමුදා නිලධාරීන් කිහිපදෙනෙකුගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා රුසියාව ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලා තිබේ. වන්දි ගෙවීම සඳහා මාර්ගය සකස් කිරීම සඳහා DNA පරීක්ෂණ හරහා මියගිය නිලධාරීන් හඳුනා ගැනීමට පහසුකම් සපයන ලෙස රුසියාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

බැංකුවල තැන්පත් කර ඇති තැන්පතුවලට අය කරන රැඳවුම් බද්ද ඉහළ නැංවීමත් සමග තැන්පතු සැලකිය යුතු ලෙස බැංකුවලින් ඉවත් කරන ඇති බව වාර්තා වෙයි. එම මුදල් වලින් කොටසක් කොළඹ කොටස් වෙළඳපොලේ හා වෙනත් ආයෝජන සඳහා යොමු කිරීමට නැත්පතුකරුවන් පෙළඹෙමින් සිටිතැයි සදහන්ය.කොළඹ කොටස් වෙළඳපළ ඉහළ ඉහළ යාමට මෙම තත්වයද බලපා තිබේ.

හම්බන්තොට - අගුණුකොළපැළැස්ස අංක 09 සමූපකාර ප්‍රාදේශිකයේ නිලවරණයෙන් ජාතික ජනබලවේගය පරාජයට පත්ව තිබෙනවා. ඒ අනූව එහි බලය තහවුරු කරගැනීමට සමත්ව ඇත්තේ ස්වාධීන කණ්ඩායමක් විසිනුයි.

රෝගින්ගේ මුඛය පිරිසිඳු කිරීම සඳහා භාවිත කරන විශබීජ නාශක බෝතල් ගෙන්වීමක් සඳහා, අසාදු ලේඛනගත කළ බංග්ලාදේශ සමාගමකට ටෙන්ඩර් ලබාදීමට රාජ්‍ය ඖෂධ සංස්ථාව අනුමත කර ඇතිබවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි.


ප්‍රධාන පුවත්

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.