News Category
From Date
To Date
Maximum Number of Result

මාලිමා සභාපති සැගවී සිට මාලිමාවට එරෙහිව මාධ්‍ය අමතයි.. දුෂිතයෙක් සභාපති කරන්න මාලිමාවෙන් ගහපු ගේමත් හෙළිකරයි..

Jun 30, 2025 at 12:51 PM
|

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට දමිළ ප්‍රගතිශීලි සභිකයින් 05 දෙනෙකුගේ සහයෝගය මත එම සභාවට සභාපතිවරයා වශයෙන් තේරිපත් වූ ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාට එම ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට ලිපියක් ලබා දෙන ලෙසට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක පා.ම. මංජුල සුරවීරආරච්චි සහ ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා සිදු කරන තර්ජන සහ බලපෑම් හමුවේ සභාපතිවරයා සහ ජාතික ජන බලවේගයෙන් එම සභාව නියෝජනය කරන සියලුම සභිකයින් 06 දෙනා මින් ඉදිරියට එම සභාව තුල ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරිමට තිරණය කල බව එම සභාවේ පාලන පක්ෂයේ සභිකයින් පැවසීය.

මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් (27) දින නෝර්වුඩ් පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා නමක් ඉදිරිපත් කරන ලෙසට යෝජනා කර සිටියදි ලංකා කම්කරු කොංග්‍රසයෙන් එම සභාවේ හිටපු සභාපති කනපති කුලන්දවේල් රවී මහතාගේ නම ඉදිරිපත් කිරිමත් සමග ජාතික ජන බලවේගයේ නියෝජනය කරන සභිකයෙකු ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාගේ නම යෝජනා කිරිමට එම පක්ෂයේ සභිකයෙකු පියවර ගැණින.

එම සභාවට සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සදහා නම් දෙකක් ඉදිරිපත් වී ඇති නිසා සභාපතිවරයා තෝරා පත් කර ගැනිමට පැවති විවෘත ඡන්දයේදි ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත්වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා විවෘත ඡන්ද 12 කින් තේරී පත් වු අතර, ලංකා කම්කරු කොංග්‍රසයෙන් සභාපතිධූරය සදහා ඉදිරිපත් වූ කනපති කුලන්දවේල් රවී මහතාට විවෘත ඡන්ද 07ක් ලැබුණි.

මෙම පත් වීමෙන් අනතුරුව ජාතික ජන බලවේගයෙන් එම සභාවට තේරි පත් වූ සභාපතිවරයාට සහ එම පක්ෂයේ අනෙකුත් සභිකයින්ට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක පා.ම. මංජුල සුරවීරආරච්චි මහතා එදින ඔවුන්ට දැඩි විරෝධය පාමින් පවසා ඇත්තේ “පක්ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරිමට කිසිදු බලයක් ඔවුන්ට නොමැති බවත්, එම සභාවේ සභාපතිධූරය ලංකා කම්කරු කොංග්‍රසයේ යෝජනා කරන අයටත්, උප සභාපතිධූරය තම පක්ෂයට ලබා ගැනිමට එකගතාවය පල කර සිටියදි විපක්ෂයේ සභිකයන්ගේ සහයෝගය ඇතිව සභාපතිධූරය ලබා ගැනීම පක්ෂයේ විනයට පටහැනි බවයි”.

පවත්නා තත්වය හමුවේ ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක පා.ම.මංජුල සුරවීරආරච්චි සහ ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා නෝර්වුඩ් පෝඩ්ට්‍රී වතුයායේ පිහිටි සභාපතිවරයාගේ නිවසට ගොස් ඇති බවත්, එහිදි සභාපතිවරයා නිවසේ නොසිටි නිසා ඔහුට කඩිනමින් තමන්ට දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසට සභාපතිවරයාගේ බිරිදට පවසා නිවස පරික්ෂා කර බලා ආපසු පැමිණ ඇති බව ජාතික ජන බලවේගයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරිපත් වූ සභිකයින් කියා සිටියි.

පළාත් පාලන මැතිවරණයේදි නුවරඑලිය දිස්ත්‍රික්කය ඇතුලු තවත් දිස්ත්‍රික්ක ගණනාවක කිසිදු පක්ෂයකට බලය පිහිටු වීමට තනි බලයක් නොමැති නිසා එම පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට ජාතික ජන බලවේගය ලංකා කම්කරු කොංග්‍රසට සමග ඇති කර ගත් එකගතාවයක් අනුව නුවරඑලිය, කොටගල, ආගරපතන සහ නෝර්වුඩ් යන ප්‍රාදේශීය සභාවල සභාපතිධූර ලංකා කම්කරු කොංග්‍රසයටත් එම පළාත් පාලන ආයතනවල උප සභාපතිධූරය ජාතික ජන බලවේගයට ලබා ගැනීමටත් එකගතාවටකට පැමිණ තිබූ බවයි නෝර්වුඩ් ප්‍රාදේශිය සභාව නියෝජනය කර සභාපතිවරයා ඇතුලු සභිකයින් කියා සිටින්නේ.

කොටගල, නුවරඑලිය යන ප්‍රාදේශිය සභාවලට හිටපු සභාපතිවරුන්ම පත්කර ඇති බවත්, එම සභාපතිවරුන්ට මෙන්ම නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉදිරිපත් කල කනපති කුලන්දවේල් රවී මහතාටද ඔවුගේ පාලන කාලය තුල දූෂණ වංචා සහ බලය අවභාවිතා කිරිම ඇතුලු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියදි, යලිත් සභාපතිධුරය සදහා ඔහුගේ නම ඉදිරිපත් කල අවස්ථාවේ දමිළ ප්‍රගතිශීලි සංධානයේ සභිකයින්ගේ සහයෝගය ඇතිව ජාතික ජන බලවේගයේ බලයක් සහිත ප්‍රාදේශීය සභාවක් බවට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව පත් කරද්දී එයට පටහැනිව ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායකයන් කටයුතු කිරිම පිලිගත නොහැකි බවයි නොර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරි පත් වූ ජාතික ජන බලවේගයේ සභාපතිවරයා ඇතුලු සභිකයින් කියා සිටින්නේ.

දුෂණ වංචා නැතිකර  බලය අවභාවිතා නොකරමින් නෝර්වුඩ් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාවක් ලබා දෙන බවට ජනතාවට පොරොන්දු වී ඡන්දය ලබා ගෙන යලිත් එම සභාවට දූෂණ වංචා ගණනාවක් සිදු කර බලය අවභාවිතා කල අයෙකු යලිත් සභාපතිධූරයට පත් කිරිමට ඉඩ ලබා නොදි තමන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ පාලන බලය ලබා ගත් බවයි එම සභාපතිවරයා සහ සභිකයින් කියා සිටියේ.

ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් සංවිධායකවරයා සහ ලේකම්වරයාගේත් ලංකා කම්කරු කොංග්‍රසයේ ඇතැම් පිරිසකගේ දැඩි බලපෑම හමුවේ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරි පත් වූ  සභාපතිවරයා දුරකථනය ක්‍රියා විරහිත කර ආරක්ෂිත ස්ථානයක තාවකාලිකව රැදී සිටින බවත්, පවසන නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ සභිකයින් කියා සිටින්නේ තමන් මින් ඉදිරියට ජාතික ජන බලවේගයේ සභිකයින් නොවන බවත්, එම සභාව තුල ස්වාධීනව කටයුතු කිරිමට තීරණය කර ඇති බවයි.

තවද හැටන් දික්ඔය නගර සභාවට ජාතික ජන බලවේගයෙන් පත් කරන බවට පොරොන්දු වූ සභිකයාට සභාපතිධූරය ලබා නොදි වෙනත් අයෙක්ට ලබා දීමට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක පා.ම. මංජුල සුරවීරආරච්චි සහ ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කල බවත්, ඔවුගේ එම ක්‍රියා කලාපය හේතුවෙන් අඹගමුව සහ මස්කෙලිය යන ප්‍රාදේශිය සභාවල පාලන බලයද ජාතික ජන බලවේගයට මේ වන විට අහිමි වී ඇති බවයි.

නෝර්වුඩ් ප්‍රාදේශිය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරමින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ හොදම ප්‍රාදේශිය සභාව බවට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව පත් කරන බව එම සභිකයින් කියා සිටියි.

තවද නුවරඑලිය දිස්ත්‍රික්කය තුල ජාතික ජන බලවේගය වටා වතු කම්කරුවන් ඇතුලු විශාල පිරිසක් එක් වී සිටි බවත්, නුවරඑලිය දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා සහ ලේකම්වරයාගේ අත්තනෝමතික මෙවැනි ක්‍රියා හමුවේ එම පිරිස මේ වන විට ජාතික ජන බලවේගයෙන් ඉවත් වෙමින් සිටින බවයි.

අප මේ පිලිබදව ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක පා.ම. මංජුල සුරවීරආරච්චි මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ “පක්ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරිමට තම පක්ෂයේ කිසිදු සභිකයෙකුට අයිතියක් නොමැති බවත්, විපක්ෂයේ සභිකයින්ගේ සහයෝගය මත නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවෙ සභාපතිධූරය තම පක්ෂයට ලබා ගැනීමට කටයුතු කිරිම විනය විරෝධී ක්‍රියාවක් බවයි.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරිපත් වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා මුණගැසී කරුණු පහදා දී යලිත් ඔවුන් තම පක්ෂය තුල රදවා ගැනිම සදහා කටයුතු කිරිමට සභාපතිවරයාගේ නිවසට ගිය බවත්, ඔහු නිවසින් බැහැරව ගිය බවට ඔහුගේ බිරිද පැවසීමෙන් පසුව නිවසින් පිටව ආ බවත්, මින් ඉදිරියට නෝර්වුඩ් ප්‍රාදේශිය සභාව තුල ජාතික ජන බලවේගයේ කිසිදු සභිකයෙකු නොමැති බවට සලකා කටයුතු කරන බවයි” මංජුල සුරවීර ආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ උසස් නිළධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ දුෂණ වංචා ගණනාවකට චෝදනා ලැබ සිටින සභාපතිවරුන්ම යලිත් එම සභාවට පත් කිරිම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසය තුලද විරෝධයක් මතු වී ඇති බවයි.

– රංජිත් රාජපක්ෂ

සම්බන්ධිත පුවත් | Related News

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඇප මත මුදාහැර තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.