News Category
From Date
To Date
Maximum Number of Result

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත්කළ තීරුබදු ප්‍රකාශයත් සමග ගෝලීය වෙළෙඳපොළේ රන් මිල නව ඉහළම අගයකට පැමිණ තිබේ.

පෙර වසරවලදී මෙන් ජනාධිපතිවරයා විසින් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීම මෙවර සිදුනොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් තීරණයක් ගෙන තිබෙනවා.

ඉන්දීය යුධ අවි කර්මාන්තශාලා සහ අවි ගබඩා ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට ‍ශ‍්‍රී ලංකාව ඉන්දියාව සමග ආරක්‍ෂක ගිවිසුමකට එළැඹ ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරන්නේ යයි දේශපාලන විචාරක දයාන් ජයතිලක මහතා සඳහන් කරයි.

ශාසන ඉතිහාසයේ සිදුවීම් රැසක් සිදු වූ බක් පුර පසළොස්වක පොහොය දිනය දිනය අදට (12) යෙදී ඇත.

ශාසන ඉතිහාසයේ සිදුවීම් රැසක් සිදු වූ බක් පුර පසළොස්වක පොහොය දිනය දිනය අදට (12) යෙදී ඇත.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ හට පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම්වත් කිරීමක් අද (11) සිදුකෙරුණා.

අප්‍රේල් 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි චීනය එක්සත් ජනපදයෙන් ආනයනය කරන නිෂ්පාදන සඳහා වන අතිරේක තීරුබදු සියයට 84 සිට 125% දක්වා ඉහළ නංවන බව චීන රාජ්‍ය කවුන්සිලයේ රේගු තීරුබදු කොමිසම අද(11) නිවේදනය කළේය.

අප්‍රේල් 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි චීනය එක්සත් ජනපදයෙන් ආනයනය කරන නිෂ්පාදන සඳහා වන අතිරේක තීරුබදු සියයට 84 සිට 125% දක්වා ඉහළ නංවන බව චීන රාජ්‍ය කවුන්සිලයේ රේගු තීරුබදු කොමිසම අද(11) නිවේදනය කළේය.

ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ප්‍රමාදයන් හේතුවෙන් ශ්‍රී ලංකාව ප්‍රතිවිපාකවලට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන මහතා අද(11) පැවසීය.


ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.