මංගලගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වී සිටි සමීර මනහරට වෙඩිතැබීම ගැන තොරතුරු රැසක් එළියට..
කඳාන පොලීසිය ඉදිරිපිටදී ඊයේ (03) උදෑසන 10ට පමණ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෝටර් රථයක් ඉලක්ක කර ටී-56 ගිනිඅවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබුණි.
පොලිසිය පැවසුවේ, මෝටර් රථයේ ගමන් කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස එවක කටයුතු කළ සමීර මනහර නැමැත්තෙකු වෙඩික්කරුගේ ඉලක්කය වී ඇති බවය.
වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනා තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඒ අතරින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණි.
සමීර මනහර නමැත්තාගේ පිටකොන්ද ප්‍රදේශයට වෙඩි ප්‍රහාරයෙන් තුවාල සිදුවූවද ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරාංචි මාර්ග සඳහන් කළේය.
වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයා උපාලි අමුණුවිල නැමැත්තෙක් වන අතර ඔහු සමීර මනහර නැමැත්තාගේ මස්සිනා බවත් වාර්තා වෙයි.
ඔවුන් දෙදෙනා කායවර්ධන මධ්‍යස්ථානයකට ගොස් නැවත සිය නිවසට යමින් සිටින අතරතුර නිවසට මීටර් 500ක් පමණ දුරකදී වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත.
වෙඩි ප්‍රහාරය එල්ලවීමත් සමග රියදුරා මෝටර් රථය පසුපසට ධාවනය කිරීම හේතුවෙන් එය අසල වූ විදුලි කණුවක ගැටී ඇත.
එහිදී මෝටර් රථයේ ගැටී පදිකයෙකු ද තුවාල ලබා ඇති අතර මෝටර් රථයට වැදුණු උණ්ඩයක් අසල සිටි කාන්තාවකගේ ගෙලට වැදීමෙන් තුවාල සිදුවූවද ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවද වාර්තා වෙයි.
පොලීසිය පැවසුවේ වෙඩික්කරු විසින් උණ්ඩ 30ක් ඇතුළත් ටී -56 මැගසිනයක උණ්ඩ 23ක් මෙහිදී එල්ල කර ඇති බවය.
වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ සමීර නමැත්තා සහ ඩුබායි හී සැඟව සිටින කඳානේ කොණ්ඩ රංජි නමැති අපරාධකරුත්, ඔහුගේ සමීපතමයෙකු වන චූටි මල්ලි නමැත්තාත් අතර පවතින ගැටුමක් ඝාතනයට හේතුවී ඇතැයි සැකකරන බව පොලීසිය පැවසීය.
ඒ අනුව අදාළ වෙඩිතැබීම ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ සමීර මනහර නමැත්තා මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටින සමයේදී මත්ද්‍රව්‍ය සමග පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, අද ඝාතනයට ලක් වූ ඔහුගේ මස්සිනාද එහිදී අත්අඩංගුවට පත්වී නඩු පවරා තිබූ බවත් පොලිසිය සඳහන් කළේය.
කෙසේවෙතත් මෙම වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැත.
වෙඩිතැබීම සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් රැසක් විමර්ශන සිදුකරයි.
මේ අතර අදාළ වෙඩිතැබීමත් සමග පොලිසිය බස්නාහිර උතුර කොට්ඨාසය තුළ ක්ෂණික පොලිස් මාර්ග බාධක යොදවා පරීක්ෂා කිරීමක් සිදුකළේය.
එහිදී දුංගල්පිටිය පොලිසියේ අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් හඹාගොස් දුංගල්පිටිය ලෙල්ලම, මෝරවල ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණි.
යතුරුපැදියේ පසුපැදිකරු අත්අඩංගුවට පත්වෙද්දී, පළාගිය පැදිකරුට පොලිසිය වෙඩිතැබීමක් සිදුකර ඇති අතර,වෙඩිවැදීමෙන් ඔහුගේ පාදයක දණහිසින් පහළට තුවාල සිදුවී ඇත.
ඒ අනුව ඔහුවද අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂා කිරීමේදී ඔවුන් සතු බෑගයක තිබී සෙල්ලම් පිස්තෝලයක් හා මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර සැකකරුවන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් බව පොලිසිය පවසයි.
ඔවුන් කඳානේ වෙඩි තැබීමට සම්බන්ධද යන්න පිළිබඳ මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතාගේ අධික්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි