News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස් දගාරියන් මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ලේකම් ජර්මන් ෆියදෝර් මහතා ඊයේ(18) රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.

පසුගිය 17,18 දින දෙකේ දී ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපිටට ලංකාවේ සියලු ප්‍රදේශවලින් විදුලි සේවකයන් පැමිණ දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකළ බවත්, සේවකයන්ගේ උද්ඝෝෂණය අවසන් වන්නත් කළින් රටේ ජනාධිපතිවරයා මාධ්‍ය ඉදිරියේ ලස්සන සංදර්ශනයක් පැවැත් වූ බවත් ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමයේ කැඳවුම්කරු සමින්ද ගමගේ මහතා පවසයි.

බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් ලබාදීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කළහ.

ජීනීවා යෝජනා සම්බන්ධයෙන් විජිත හේරත් විදේශ ඇමතිවරයා පවසා තිබුනේ මෙවර මෘදු යෝජනාවක් පැමිණෙන බව යැයි ද, සත්‍ය සෙවීමේ පනත දැනටමත් ගැසට්කර ඇති පසුබිමක යුද්ධයේ අවසාන කාලයේ සිදුවුනා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට මෙම යෝජනාව ගෙන එන බවට පැහැදිලි බවද දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

වාමාංශික පක්ෂයක සමාජිකයකුට, මන්ත්‍රීවරයකුට දේපළ හිමියකු වීමේ බාධාවක් නොමැති වුවත් එම දේපළ උපයා ගත්තේ කෙසේදැයි සාධාරණ ලෙස නීතිය මගිනුත් පැහැදිලි කළ යුතුව ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරී එන්.කේ.සූරියබණ්ඩාර මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි නැවත එම තනතුරෙහි සේවයේ පිහිටුවන මෙන් අභියාචනාධිකරණය විසින් නියෝග කර ඇති අතර ඒ හා සමග ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා පත‍්‍රය අත්හිටුවීමට සහ වැඩ තහනම අත්හිටුවීම සදහා තවත් අතුරු තහනම් නියෝග දෙකක් නිකුත් කිරීමටද අභියාචනාධිකරණය විසින් කටයුතු කර ඇත.

ජනාධිපතිවරයාගේ හෝ ඇමැතිවරයාගේ තර්ජන හමුවේ සිය වෘත්තීය ක්‍රියාමාර්ග හකුළා නොගන්නා බව විදුලි වෘත්තීය සමිති පවසයි.

2026 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදින් අම්පාර ගෝනගල, 31 වන කොළණියේ වැසියන් 54 දෙනකු අමානුෂිකව ඝාතනය කර 26 වසරක් සපිරීම නිමිත්තෙන් ඝාතනයට ලක් වූ 54 දෙනා සිහි කිරීම සඳහා ඉදි කළ ස්මාරකය අසලදි පහන් දල්වා සිහිකිරීමේ පිංකම පැවැත්විණි.


ප්‍රධාන පුවත්

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.