ප්‍රශ්නගත ඖෂධය ලබාදීමෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝගීන් පිරිසකටත් සංකූලතා ඇතිවෙලා - වෛද්‍ය චමිල් විජේසිංහ
මේ වසර තුළ පමණක් වෛද්‍ය සැපයුම් අංශයේ නිල දත්තවලට අනුව ඖෂධවල ගුණාත්මකභාවය පිරිහී ගිය (Quality Failures) අවස්ථා 90කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අනාවරණය කරයි.
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මෑතකාලීනම සහ බරපතලම සිදුවීම ලෙස ඔන්ඩන්සෙට්‍රෝන් (Ondansetron) නැමති එන්නත් වර්ගය තුළ බැක්ටීරියාවක් අන්තර්ගත වී තිබීම තහවුරු වී ඇති බවයි.
මෙවැනි බැක්ටීරියා සහිත ඖෂධයක් රටට පැමිණ රෝහල් පද්ධතිය හරහා රෝගීන් වෙත බෙදා හරින තෙක් බලධාරීන් නිසි පරීක්ෂාවන් සිදු නොකිරීමත් රසායනාගාර පහසුකම් නොමැති බව පවසා මෙම වගකීමෙන් කිසිවෙකුට නිදහස් විය නොහැකි බවත් ඔහු අවධාරණය කරයි.
ඖෂධ මාෆියාව සහ අත්හිටුවූ ඖෂධ අදාළ ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය සැපයූ සමාගමේම තවත් ඖෂධ වර්ග නවයක් මේ වන විට භාවිතයෙන් අත්හිටුවා ඇති බව හෙළි කරන වෛද්‍ය විජේසිංහ මහතා, දිගින් දිගටම මෙවැනි පැමිණිලි ලැබෙන සමාගම්වලින් තවදුරටත් ඖෂධ ආනයනය කිරීම පිටුපස ඇති තීන්දු තීරණ පිළිබඳව ප්‍රශ්න කර සිටියි.
ඔහු පවසන්නේ මෙම ඖෂධ මාෆියාව බූවල්ලෙකු මෙන් ක්ෂේත්‍රය පුරා සිය අඬු විහිදුවා ඇති බවයි.
රෝහල්වලින් ලැබෙන සංකූලතා වාර්තා මෙම ප්‍රශ්නගත ඖෂධය ලබාදීම හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝගීන් පිරිසකට සංකූලතා ඇති වී ඇති බවට තොරතුරු ලැබී තිබේ. මෙය හුදෙක් එක් නිලධාරියෙකුගේ වරදක් නොවන බවත්, කැබිනට් මණ්ඩලය ඇතුළු සමස්ත පද්ධතියම මෙයට සාමූහිකව වගකිව යුතු බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..