News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් ජනපද රහස් ඔත්තු සේවයේ ප්‍රධානී කිම්බර්ලි චේට්ල් කියා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට උත්සහා ගත් වෙඩික්කරු රැඳී සිටි ගොඩනැගිල්ලේ වහලය මත තම නියෝජිතයන් යෙදවීම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීම නිසා නොකළ බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් පත්‍රය පිළියළ කර අතේ අතේ තබාගෙන සිටින බවත්, 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය නොදැක්වුව හොත් එදිනම රාත්‍රියට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අනාවරණය කරයි.

ජනාධිපතිවරණය කල් දැමීමේ ආණ්ඩුවේ අවසාන තුරුම්පුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 83 (ආ) වගන්තිය ඇතුළු වගන්ති තුනක් සමඟ ගැටෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය සදහා 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමන පනත යටතේ බලතල ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම්දීමක් සිදුකර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීමේ හැකියාව පවතින බව ඊයේ (17දා) මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රමුඛ එම අමාත්‍යාංශ නිලධාරීන් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමි කිරීමට සමගි ජන බලවේගය විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ පෙත්සම ඇය ඊයේ (17දා) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළයෑම නිසා තමන් අපහසුතාවයට පත් වී ඇති බවයි පාරිභෝගිකයෝ පවසන්නේ.

ඉදිරි ජනාධිපතිවරණයේ ආරක්ෂාව සහ ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.


ප්‍රධාන පුවත්

අනුරගේ කතාවට ‌ෆොන්සේකාටත් රිදිලා

ජාතික රණවිරු සැමරුම් උත්මයයේදී ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සෑම පාර්ශ්වයක්ම සාමය වෙනුවෙන් යුද්ධ කරන බවට කල ප‍්‍රකාශයට තමන් එකඟ නොවන බවල හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුලි මස 11 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..

ඉන්දියානු සාගරයේ භූ දේශපාලනික උපායමාර්ගක කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකයේ දේශපාලනික ආර්ථික සහ යුදමය වැදගත්කමක් ලැබී තිබීම නිසා ලෝකයේ බලවත් රටවල් දැඩි ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අවදානය යොමුකර තිබේ.

යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු, යුරෝපා මහාද්වීපය පුරාම දිවි පිදූ සෝවියට් සොල්දාදුවන් වෙනුවෙන් ස්මාරක 4,000 ක් පමණ ඉදිකර ඇත.

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළේය.

9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි

2025 පලාත් පාලන මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණේ “පංචායුධය ලකුණින්” තරගවැදී තේරී පත්වූ, පළාත් පාලන නියෝජිතයන්ගේ විශේෂ හමුවක් ,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (27) බත්තරමුල්ල, ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාදයෙන් පසු තේරීපත්වූ සභිකයින් 26 දෙනා ජාතික නිදහස් පෙරමුණේ පළාත් පාලන මහජන නියෝජිතයින්ගේ ප්‍රතිඥාව සිදු කරන ලදි. පක්ෂ නායක විමල් වීරවංශ මහතා විසින් ඔවුන්ට මහජන නියෝජිතයන් ලෙස පැවරෙන වගකීම් පිළිබඳව පැහැදිලි කල අතර ඔවුන් සියලු දෙනාට ජාතික නිදහස් පෙරමුණේ සුබ පැතුම්ද එක් කළේය. පළාත් පාලන නියෝජිතයන් විසින් ලබාදුන් 9 වැදැරුම් පුතිඥාව පහතින්

අනුර වික්‍රමසිංහ එයාගේ සීයා ගිය වැල් පාලමේම ඔහේ යනවා.. ඩීල් වසන්තලා හාම්පුත්තු එක්ක ඩීල් දමා කර්මාන්ත ශාලා වසා දමනවා - විමල්ගෙන් චෝදනා (වීඩියෝ)

අනුර වික්‍රමසිංහ රනිල් සීයා ගිය වැල්පාලමේම ලංකාව නමැති දරුවා වඩාගෙන ඔහේ යන බවත්, රටේ කර්මාන්ත විශාල ප්‍රමාණයක් මේ වන විට වැසී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)

මානුෂීය මෙහෙයුම වෙනුවෙන් කැපවූ රණවිරුවන් 58 දෙනෙක් මේ වන විට දංගෙඩියට ගෙනයන්න පිඹුරුපත් සකසා අවසන් බව විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.