පරීක්ෂණයකදී නමක් ගෑවුණොත් ඒ කෙනාගෙන් කටඋත්තරයක් ගන්න ඕනේ..- ජනාධිපති
ඕනෑම පරීක්ෂණයකදී යම් පුද්ගලයකුගේ නමක් කියවුණහොත් එම තැනැත්තාගෙන් කටඋත්තරයක් ලබාගැනීම අනිවාර්ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ මාතලේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට අද (12) පෙරවරුවේ එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ යම් සිදුවීමක් පිළිබඳ පරීක්ෂණයකදී නමක් කියවුණු පමණින් එය මහා ව්‍යසනයක් ලෙස සලකන සංස්කෘතියක් රටට අවශ්‍ය නොවන බවයි.
"ඔබ දන්නවා ඕනෑම පරීක්ෂණයකදී නමක් ගෑවුණොත් ඒ කෙනාගෙන් කටඋත්තරයක් ගන්න ඕනේ නැද්ද. ගන්න ඕනේ. ඒ සාක්ෂියක් ගැනීම මහා ව්‍යවසනයක් බවට පත් කිරීමේ සංස්කෘතියක් අපේ රටට අවශ්‍ය වන්නේ නෑ. මා පිළිබඳව සඳහන් වෙලා තියෙනවා නම් මගෙන් කටඋත්තරයක් ගන්න ඕනේ නැද්ද? අපි නීතියට උඩින්ද? නෑ. නමුත් එවැනි මතයක් සංස්කෘතියක් ගොඩ නැගීමේ උත්සහායක් තිබෙනවා. හැදෙනාම නීතියට යටත් වෙන බිය වෙන සමාජයක් ඕනේ. නමුත් ඒ කිසිදේකින් රාජ්‍ය නිලධාරීන්ට තමාගේ සීමාවන් යටතේ වැඩ කිරීමට බධාවක් ඇති කරන්නේ නෑ. නීතිය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවය බිය ගැන්වීමක් ද ? , ඒක වෙන්න පුළුවන්ද ? වෙන්න විදියක් නෑ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..