News Category
From Date
To Date
Maximum Number of Result

ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරානගම මහතා ආදර්ශමත් අධිරාජ්‍යවිරෝධියෙකි. එලෙසම අධිරාජ්‍යවිරෝධී ජාතික මතවාදය තුළ සිටින ප්‍රායෝගික සටන් සගයෙකි. අධිරාජ්‍ය විරෝධී කඳවුර තුළ සැබෑ ගුරුවරයෙකි. තම ජීවන අත්දැකීම් නිවැරැදිව විග්‍රහ කරගෙන අධිරාජ්‍යවිරෝධී මාවත තම පෞද්ගලික ජීවිතයටද දේශපාලන ජීවිතයටද එක් කරගත් ඒ මහතා ලංකා ලීඩර් වෙබ් අඩවියේ වීඩියෝ කවුළුවට දැක්වූ අදහස් අප පාඨකයාගේ බුද්ධිමය නිම් වලලු පුළුල් කරනු පිණිස මෙසේ සලකුණු කරමු.

අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ලකර එරට නීත්‍යානූකූල ජනතාවගේ ඡන්දයෙන් තේරීපත්වුනු ජනාධිපති නිකොලස් මදුරෝ පැහැරගෙන යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ එම සිදුවීම පිටුපස ඇති සත්‍ය සිදුවීම ලෝක බලවතුන්ගේ අවශ්‍යතාවලට අනුව මාධ්‍ය මගින් වෙනසකට ලක්කරන බවයි.

හිරු ටීවී නාලිකාවේ විකාශය වූ "සලකුණ" වැඩසටහනේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

නොබෙල් සාම ත්‍යාගය දිනූ වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ විසින් ඇගේ 2025 නොබෙල් සම්මානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබා දිය හැකි බවට කළ ප්‍රකාශය නෙබෙල් ආයතනය ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අමාත්‍යංශයක් තුළ තමන්ගේ විෂය පථයට අදාළව වරදක් සිදුවනවා නම් එය ඇමතිවරයා බාරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටියදී නිතරම පැවසූ බවත්, එවැනි දේ ඉතිහාසය තුළ සිදුවී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මජිබර් රහුමාන් පවසයි.

අධ්‍යාපන අමාත්‍ය, අගමැති හරිනි අමරසූරියට එරෙහිව ගෙන එන විශ්වාස භංගය දිනන්න හැකිදැයි සමාජ මාධ්‍ය තුළ විවිධ කතා ප්‍රචාරය වන බවත්, විශ්වාස භංගය දිනීමට නොහැකි වුවත් එය ගෙනආ පසු එය පරාජය කිරීමට සභාය ලබාදෙන ආණ්ඩුවේ පිරිස කවුරුන්දැයි ජනතාවට හෙළිවන බව වරුණ ආජපක්ෂ මහතා පවසයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට හා අධ්‍යාපන ඇමතිවරියට විරෝධය පළකරමින් ''නිදහස් අධ්‍යාපනය රැකගමු'' මැයෙන් විපක්ෂයේ පක්ෂ එක්ව ඊයේ (10) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්වීය.

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත් සිදු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

ලංකාවට ගොඩබෑ ගල් අඟුරු තොගයේ සාම්පල් පරීක්ෂා කළපසුව ලක්විජය බලාගාරයේ රජයේ රසායනාගාරය නිකුත් කළ පරීක්ෂණ වාර්තාව අනුව රටට ආනයන කර ඇත්තේ බාල ගල් අඟුරු බව තහවුරු වන්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.


ප්‍රධාන පුවත්

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.