News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ රූපවාහිනියේ ප්‍රථම නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අද (08) උදෑසන අභාවප්‍රාප්ත වූවාය

බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂික් හසීනා සිය ධූරයෙන් ඉල්ලා අස්වී පලා යෑමෙන් පසු ඇය සභාපතීත්වය දැරූ අවාමි ලීගය පක්ෂයේ නායකයන් 20 දෙනෙකු ඝාතනය කර ඇති බවත්, ඔවුන්ගේ මළ සිරුරු බංග්ලාදේශයේ විවිධ ප්‍රදේශ වලදී සොයා ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන,ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) තහවුරු කරනු ලැබීය.

වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කර්ණිහි පිහිටා ඇති ඓතිහාසික වඩ්ඩමාන පබ්බත විහාරයේ ආරක්ෂාව තොරතුරු දන්වා තිබියදීත් කඩකර, පුරාවිදයාත්මක වටිනාකමක් ඇති එම විහාරයට බලහත්කාරයෙන් ඇතුළුවී සිදුකළ විනාශය වැළැක්වීමට අපොහොසත් වීමෙන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට නියෝගයක් කරන මෙන් ඉල්ලා පවරනු ලැබූ මූලික අයිතිවාසිකම් නඩුව (SC FR Application 133/23) සලකා බැලීමට 2024 අගෝස්තු 09 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විනිසුරු A.H.M.D නවාස්, A.L ශිරාන් ගුණරත්න හා විනිසුරු අචල වෙන්ගප්පුලි යන විනිසුරු මඩුල්ල ඉදිරියේ දී විභාගයට ගැනීමට නියමිත ය.

තවත් අපේක්‍ෂකයෝ සිව් දෙනෙක් ඊයේ (07දා) ජනපතිවරණයට ඇප මුදල් තැන්පත් කළහ.

මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ ජාතික ජන බලවේගය පක්ෂයේ මූල්‍ය වාර්තාවේ රුපියල් මිලියන 83ක් ඇතැයි සඳහන්ව තිබෙන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

නොබෙල් සාම ත්‍යාගලාභී මහාචාර්ය මුහම්මද් යූනුස් බංග්ලාදේශ අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඊයේ(07) රාත්‍රී 8ට දිවුරුම් දී ඇති බව වාර්තා වේ.

සම්බුද්ධ ශාසනයට එරෙහිව සිදුවන ක්‍රියාදාමයන් අදත් එදත් සිදුවූ බවත්, ධර්මය මගින් සමාජය සබුද්ධික හා ප්‍රබුද්ධික වීමේ දී ශාසනය දූෂණය කරන පුද්ගලයන්ට, වංචනිකයන්ට පවතින්නට නොහැකිවන බවත් මහනුවර දංතුරේ උඩවෙල පුරාණ විහාරාධිපති, හෝමාගම දම්සෙවන ආයතනාධිපති, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය, රාජකීය පණ්ඩිත පූජ්‍ය මාවතගම පේමානන්ද ස්වාමීන් වහන්සේ පවසති.


ප්‍රධාන පුවත්

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.