News Category
From Date
To Date
Maximum Number of Result

මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ.. මරාගෙන මැරෙන බෝම්බකරුගේ නීතිඥවරයා මාලිමා පාර්ලිමේන්තු අපේක්‍ෂකයෙක්.. - නාමල් කියයි

Jun 10, 2026 at 12:57 PM
|

‘මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ. මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන් පෙනී හිටපුු නීතිඥවරයා ඔබ තමුන්නාන්සේලාගේ ඡන්ද ඉල්ලපු කෙනෙක්. හැබැයි ඒ කාරණය අමතක  කරලා අනිත් හැම කාරණේම කතා කරනවා. ඒ හින්දා අපි කියන්නේ කරුණාකරලා මේකට පරීක්ෂණ කරන්න, හැබැයි මේක දේශපාලනීකරණය කරන්න එපා’ යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුව අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

"ආර්ථික ඝාතකයෝ ගැන කතා කරනවා කවුද මේ කතා කරන්නේ මේ ආර්ථික ඝාතකයෝ ගැන කතා කරන්න කලින් සභාපතිතුමිය නඩු තීන්දුව කියවන්න. නඩු තීන්දුවේ තියෙන කාරණා පිළිබඳව තේරුම් ගන්න.ඒ වගේම මේ කතා කරනවනේ තාත්තල පුතාලා ගැන ඔය නෝනලා මහත්වරු තාත්තලා පුතාලා ඉන්න පක්ෂයයි එල්ටීටීඊ එකයි මේ රටට කරපු විනාශය සමස්ත රටේ ණය ප්‍රමාණය වගේ දෙගුණයක් විදේශීය විදේශීය ණය ප්‍රමාණය වගේ දෙගුණයක්.හැබැයි ඒ නෝනලා මහත්තුරු තමයි අපිට උපදෙස් දෙන්නේ අද ඇවිල්ලා.දැන් බලමුකෝ මේ වැඩකාරයන්ගේ වැඩ දැන් ඉන්නේ එකසිය පනස් නමයක් මල් පැල නේ ගරු සභාපතිතුමිය අද වර්තමාන ආර්ථික පසුබිමත් එක්ක රටේ ජනතාව ඉතාමත් අපහසුවෙන් ඉන්නේ.දැන් ඕකටත් පුලුවන් නම් පහුගිය කාලෙට බනින්න.අසීමිත බදු බරක් අද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා දුප්පත්කම නැත්නම් දරිද්‍රතාවය 25%යි 30% අතරේ වැඩිවෙලා තියෙනවා.අපි නෙවෙයි කියන්නේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාව. මේ ඔබේ ජනාධිපතිතුමාගේ අමාත්‍යංශය කියනවා රටේ දුප්පත්කම නැත්තන් දරිද්‍රතාවය  සීයට 25- 30යි අතර වැඩිවෙලා තියෙනවා කියලා.2012-13 කාලසීමාවේ 6.7% දරිද්‍රතාවය තිබ්බේ.හැබැයි අද වෙනකොට මොකක්ද 25%35% අතරට වැඩි වෙලා තියෙනවා.

රත්තරන් බඩු අනිත් පැත්තෙන් මිනිස්සු උකස් තියෙනවා ජීවත් වෙන්න විදියක් නෑ. ව්‍යවසායකයෝ අසරණ වෙනවා විදුලි බිල ගෙවා ගන්න විදිහක් නෑ අද ගම්වලට යනකොට දෙමාපියන්ගේ කරේ තිබිච්චච මාලේ කරාබුව මුද්ද උගස් තියල ජීවත් වෙන තැනට පත්වෙලා තියෙන්නේ.හැබැයි ඔබ ආණ්ඩුවක් විදියට ඒ සඳහා ගත්ත ක්‍රියාමාර්ගයය මොකක්ද? මේ සඳහා ඔබ තමුන්නාන්සේලා හදපු වැඩපිළිවෙළ මොකක්ද.

තවත් පැත්තකින් ගොවිජනතාව අසරණ වෙලා ඉන්නවා පොහොර නෑ ගම්වල. ඇමතිවරයා කියනවා පොහොර නෑ කිව්වොත් හිරේ දානවලු රුපියල් 18000යි විසි දාහයි පොහොර ගන්නේ වී ටික විකුණ ගන්න විදිහක් නෑ. වී වලට මිලක් නෑ ධීවරයට තියෙන තෙල් මිලත් එක්ක තෙල් ටිකක් ගහලා අල්ලන මාළු ටික විකුණ ගන්න බෑ. ඒ මිලත් එක්ක හැබැයි ඔබතුමන්ලා ලස්සනට පිටින් මාළුගේනවා.මොකද ඔබතුමන්ලාගේ න්‍යාය පත්‍රය අනුව පිටරටින් හාල් ගේන එක පිටරටින් මාළු ගේන එක ලාභ කාරණයක්.රටේ මිනිස්සු දේපළ උකස් තියලා හරි කනකර ආභරණ උකස් තියලා හරි ජීවත් උනාට කමක් නෑ. ඇයි පිටින් ගේන තමන්ගේ ව්‍යාපාරිකයන්ට  හම්බ කරගන්න දෙනවා.පහුගිය කාලේ ඒවා හොයන අයනේ දැන් කන්ටේනර් 323 පන්නපු අයනේ පාර්ලිමේන්තුවේ කියවන්නේ.ගිනිපෙට්ටි නම් කමක් නෑ මේ කන්ටේනර් 323ක් වරායෙන් පැන්නුවේ.බාල ගල් අඟුරු ගෙනල්ලා ඒ පාඩුව මිනිස්සු පිට පටවලා බාල ගල් අඟුරු නිසා දවසට ලීටර් ලක්ෂ6-9 අතර ප්‍රමාණයක් දහනය කරන්න ඕන ඩීසල්.ඒ සම්පූර්ණ පීඩනය ඔබ මේ රටේ ජනතාවගේ පිට දාලා ආණ්ඩුව අත හෝදගන්න ලෑස්ති වෙනවා.

ඔබ මැතිවරණ කාලේ උපාධිධාරීන්ට පොරොන්දු වුනා රැකියා දෙන්න. අවසානෙට මොකක්ද වුණේ අදටත් උපාධිධාරීන්ට ඔබ හම්බවෙන්න එනකොට ගහලා පන්නනවා.උසස් පෙළ දරුවන්ගේ ප්‍රශ්නයක් තියෙනවා විභාගේ මේ පාර සිලබස් ආවරණය කිරීම පිළිබඳව කලින් ගත්තු හින්දා.හැබැයි ආණ්ඩුව ගරු සභාපතිතුමිය මේවට මැදිහත් වෙනවද.

මම දැක්කා එක මන්ත්‍රීවරියක් කියනවා දිට්වා සම්බන්ධව අපි මෙහෙමයි සීයට පනහයි හැටයි හැත්තෑවයි ලැජ්ජයි දිට්වා කුණාටුව ඇවිල්ල දැන් මාස හතක් වෙනවා ඇවිල්ල මාස හතක් වෙලත් තවමත් 35000ක් තවමත් තාවකාලික ගෙවල් වල හෝ කුලියට ගෙවල්වල තමයි ඉන්නේ. රටේ වතුකරයේ අනාරක්ෂිත ප්‍රදේශවල ජනතාවට ඉඩම් ටික පෙන්නන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නෑ.ඇයි හාම්පුතාලට කතා කරන්න බෑ නේ මොකද හාම්පුතාලා ආණ්ඩුවත් එක්ක සම්බන්ධයි ව්‍යාපාරිකයෝ ආණ්ඩුව එක්ක සම්බන්ධ‍යි.වතුකරයේ අය ජනතාවගේ ආරක්‍ෂාව සඳහා නිවාසයක් ලබා දෙන්න ආණ්ඩුවට මැදිහත් වෙන්න බෑ.අඩු ගානේ පාලම් ටික හදන්න. මම දැක්කා වැලි කොට්ට ගහලා හැදුවා ඊළඟ වැස්සේ වැලිකොට්ට ටික ගහගෙන ගියා.අර ගිරිඋල්ල පාලමේ ඊයෙ තමයි උණ බට ටික අයින් කරේ මාස හතකට පස්සේ තමයි ගරු සභාපතිතුමිය පාලමේ අස්සේ හිරවෙලා තිබුණ රොඩු ටික අයින් කරේ මාස හතක් ඒක කරගන්න බැරි වුණා.තාම කුණාටුව ආපු පැතිවල පාර දෙපැත්තේ පස් කදු ඒක ඉවත් කරගන්න බැරි වුණා.

දැන් ඔබතුමන්ලා ඒ දවස්වල කිව්වා ජාත්‍යන්තරයෙන් උදව් ගන්නවා කියලා දැන් ඉන්දියන් ආණ්ඩුවෙන් ආධාර දුන්න කිව්වා ඩොලර් මිලියන 100ක ග්‍රාන්ට් එකකුයි තව ඩොලර් මිලියන 300 ක ණයකුයි මොනවද කරේ මොකක්ද ප්‍රගතිය.ඉන්දියන් ග්‍රාන්ට් එකේ ගරු සභාපතිතුමිය මොකක්ද ප්‍රගතිය.අද වෙනකන් ඉන්දියන් ආධාර වශයෙන් ලැබුණු මුදල් වලට ඔබතුමන්ලා මොකද්ද කරේ.ඒ හින්දා ආණ්ඩුවක් විදියට ඔබතමුන්නාන්සේලාට වැඩ කරගන්න බැරි වෙනකොට ප්‍රායෝගිකව කරගන්න බැරි වෙනකොට ඒ පීඩනය විපක්ෂය පිට යවලා හරි යන්නේ නෑ.තවම දිට්වා නිසා අසරණ ජනතාවගේ වන්දි ටික දීගන්න බැරි වෙලා තියෙනවා ආණ්ඩුවට.

පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ජනාධිපතිවරයා කිව්වා ලක්ෂ දෙකක් දෙනවා ලක්ෂ දහයක් දෙනවා කිව්වා තහඩුවට ලක්ෂ පනහක් දෙනවා කිව්වා ඉඩමට ලක්ෂ පනහක් දෙනවා කිව්වා ගෙදරට. අමූලික පච ගැහුවා.දැන් හොයා ගන්නත් නෑ.

අද පාර්ලිමේන්තුව ඇතුලේ කතා වුණා ත්‍රස්ත විමර්ශන පනත ගැන.දැන් පහුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයක් තිබුණා ඒ ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඔබතුමන්ලාගේ පක්ෂයේ ජේවීපී එකේ උතුරේ  ප්‍රවර්ධනය කරන්න ඔබේ පක්ෂයෙන් දාපු ගීතය එල්.ටී.ටී.ඊ මතවාදය ප්‍රවර්ධන කරන ගීතයක්.මාධ්‍ය වාර්තා කරා එල්ටීටීඊ එක ප්‍රවර්ධනය කරන්න දාපු ගීතයක් තමයි ඔබතුමන්ලාගේ පක්ෂය උතුරේ ප්‍රාදේශීය සභා මැතිවරණය වෙලාවේ පාවිච්චි කරේ.ඔබේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ෆේස්බුක් එකේ ඒක ශෙයා කලා.ජනාධිපතිතුමා වේදිකාවේ නගින පින්තූරත් එක්ක වීඩියෝ හදලා දැම්මා.හැබැයි පහුගිය දවසක කිලිනොච්චියේ තරුණයෙක් සංගීත් කියලා තරුණයෙක් එල්ටීටීඊ එක සම්බන්ධයෙන් රැප් එකක් කිව්ව කියල ගෙනල්ල දානවා ත්‍රස්ත විමර්ශනන පනතෙන්.හැබැයි ඒ තරුණයා සිංදුවක් කිව්වම දාන්න පුළුවන් හිරේ.එතකොට ඔබ තමුන්නාන්සේලාගේ මැතිවරණ වේදිකාවේ දාපු සින්දුවට කවුද වග කියන්නේ.අනිත් පැත්තෙන් සුරේෂ් සලේව තනිකර දේශපාලන හේතු මත ගරු සභාපතිතුමිය පරීක්ෂණ කටයුතු කිරීම ගැන අපේ විරෝධත්වයක් නෑ ඒක වෙන්න ඕන මන් දැක්කා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් සුරේෂ් සලේගේ කාලෙ සම්බන්ධයෙන් බෝධි පූජා කරනවා කියලා ඔව් අපි බෝධී පූජා කරනවා තමයි ඇයි ප්‍රශ්නයක්ද.ඒ වගේම තමයි අපි මේ රටේ රණවිරුවෝ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒක ඔයාලට ප්‍රශ්නයක්ද ඔව් ඔයාලට ප්‍රශ්නයක් ඇති මොකද ඔයාලට ඒ කට්ටියත් එක්ක ප්‍රශ්නයක් තියෙන හින්දා.හැබැයි අනිත් පැත්තෙන් ගරු සභාපතිතුමිය මේ කාරණය තනිකර දේශපාලන හස්තයක් විදියට හසුරවන්න උත්සාහ කරනවා.ඒ හින්දා ඔබට කරුණාකරලා අපි කියන්නේ පරීක්ෂණයක් කරන්න හැබැයි මේ පරීක්ෂණ ඔබ තමුන්නාන්සේලා දේශපාලනී කරණය කරලා ඒ කාරණය අපේ දේශපාලන වේදිකාවේ මාතෘකාවක් බවට පරිවර්තනය කරගන්න උත්සාහ කරන්න එපා.

මොකද ඒ කාරණය තුළ අසාධාරණයට ලක්වෙන්නේ මේ රටේ ජනතාව.අසාධාරණයට ලක් වෙන්නේ මේ පාස්කු වින්දිතයා.අද මේ වෙනකන් කතා කරපු කිසි කතිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ඔයාලගේ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන් පෙනී හිටපුු නීතිඥවරයා ඔබ තමුන්නාන්සේලාගේ ඡන්ද ඉල්ලපු කෙනෙක් කියලා හැබැයි ඒ කාරණය අමතක  කරලා ගරු සභාපතිතුමිය  අනිත් හැම කාරණේම කතා කරනවා.ඒ හින්දා අපි කියන්නේ කරුණාකරලා මේකට පරීක්ෂණ කරන්න හැබැයි මේක දේශපාලනීකරණය කරන්න එපා."

සම්බන්ධිත පුවත් | Related News

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඇප මත මුදාහැර තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.