

රුසියාවේ කර්ස්ක් කලාපයට යුක්රේනය ආක්‍රමණය කිරීම ඩොන්බාස්හි ස්ථානගත මොස්කව් හමුදාවන්ගේ ඉදිරි ගමන නැවැත්වීමේ අපේක්ෂිත ඉලක්කය සපුරා ගැනීමට අපොහොසත් වී ඇති බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(02) පැවසීය. රුසියාව ඩොන්බාස් හි ප්‍රධාන ප්‍රදේශවල විශාල ප්‍රගතියක් ලබා ඇති බව ඔහු ප්‍රකාශ කළේ “දිගු කාලයකින්” නොදුටු වේගයකින් ඉදිරියට රුසියානු හමුදා ඉදිරියට යන බව අවධාරනය කරමිනි.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ විසින් භාවිතා කරන ලදැයි පැවසෙන ගුවන් යානයක් අමෙරිකා එක්සත් ජනපද රජය විසින් රාජසන්තක කර ඇතැයි වාර්තා වේ. ගුවන් යානය අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ කැරකස් පරිපාලනයට එරෙහිව වොෂින්ටන් පරිපාලනය පනවා ඇති සම්බාධක කඩ කිරීම බව සීඑනෙන් පුවත් සේවය ඊයේ (02) වාර්තා කළේය. වොෂින්ටන් පරිපාලනය වෙනිසියුලානු ජනාධිපති මදුරෝට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති අතර පසුගිය වෙනිසියුලානු ජනාධිපතිවරණ දෙකේදී ඔහු ලැබූ ජයග්‍රහණ පිළිගැනීම පවා ප්‍රතික්ෂේප කළේය. “විදේශීය රාජ්‍ය නායකයාගේ ගුවන් යානය අල්ලා ගැනීම අපරාධ කාරණා සඳහා පාදක වන්නක් නොවේ. අපි මෙහිදී පැහැදිලි පණිවිඩයක් යවන්නේ කිසිවකු නීතියට ඉහළින් නොසිටින බවත්, කිසිවෙක් එක්සත් ජනපද සම්බාධකවලට වඩා ඉහළින් නොසිටින බවත් යන්නයි.” නම සඳහන් නොකළ වොෂින්ටන් නිලධාරියෙක් ඊයේ(23) මෙම සිද්ධිය මුලින්ම වාර්තා කළ සීඑන්එන් වෙත අදහස් දක්වමින් පවසා තිබේ.
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
