කෘෂිකර්මය අමු පිස්සෙකුට දීලා.. එයා යාළුවෝ එක්ක ආතල් ගන්නවා.. - දේශයේ ගොවි හඬ සංවිධානය
දේශීය අල ගොවියා ශක්තිමත් නොකර, ගොවියාගේ ගැටළු විසඳීමට ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුවට දේශපාලන හිතවතුන්ගේ මඩිය තර කර ඒ ඔස්සේ දේශපාලකයන් කොමිස් ලබා ගැනීමේ ක්‍රියාවලියක් මේවන විට ක්‍රියාත්මක බව දේශයේ ගොවි හඩ සංවිධානය පවසනවා.
නුවරඑළියේදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංවිධානය සඳහන් කළේ, උද්ගතව ඇති ගැටලු වලට විසඳුම් ඉල්ලා රටපුරා අල ගොවීන් එක මිටට කොළඹට ගෙන්වා උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට තමන් සූදානම් බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංවිධානයේ සභාපති තරිඳු රත්නායක;.
"පෙර පැවති රජයන්වලට වසර ගණනාවක් පුරාවට හා වර්තමාන රජයට වසර දෙකක කාලයක් පුරාවට දේශීය අල ගොවියා පත්ව ඇති දැඩි පීඩාකාරි තත්ත්වය හා පාකිස්ථානයෙන් හා තවත් විදේශීය රටවල් කිහිපයකින් ආනයනය කරන ලද අර්තාපල් මෙරටට ගෙන්වීමෙන් ඇතිවන තත්ත්වය පවසන නමුත් වග කිව යුතු රජයක් හැටියට කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වන විට අරන් නැහැ.
රටේ කෘෂිකර්ම අමාත්‍යාංශය භාරදීලා තියෙන්නේ අමු පිස්සෙකුට සහ ඩිමෙන්සියා රෝගයෙන් පෙලෙන පුද්ගලයෙකුට.
ඔහු හැමදාම යහළුවොත් එක්ක එකතු වෙලා ආතල් අරගෙන ඉන්නවා හැරෙන්නට ගොවියා වෙනුවෙන් හා කෘෂිකාර්මික සංවර්ධයන වෙනුවෙන් කරපු දෙයක් නෑ.
කෘෂිකර්මය ක්ෂේත්‍රය ගැන පළපුරුද්දක් තියෙන පුද්ගලයෙකු රටේ ජනාධිපතිවෙලා ඉන්න විට කෘෂිකර්ම ඇමති වෙලා ඉන්න පුද්ගලයා තමන්ගේ ක්ෂේත්‍රයම විනාශ කරන්න උත්සාහ කරනවානම් එක්කෝ ඒ පුද්ගලයාව රජයෙන් ඉවත් කරන්න ඕන එහෙමත් නැත්නම් තමන්ට ඒ ගැන අවබෝධයක් අරගෙන වැඩ කරන්න බැරි නම් තමන් ඉවත් වෙලා යන්න ඕන.
මේ දෙකම නැතුව ගොවීන්ගේ දේශීය ගොවියාගේ ආර්ථිකය විනාශ කරලා ගොවියාගේ බඩට ගහන්න කටයුතු කරනවා නම් ඒකට විරුද්ධව අපි පෙළගැහෙන්නන ලෑස්තියි.
රජයට අවශ්‍ය අපිට කියලා උද්ඝෝෂණයක් කරවලා මේ වැඩේ විසඳ ගන්න නම් අපි ඒකටත් මේ දවස්වල කටයුතු කරනවා.
ඉදිරියේදී ප්‍රාදේශීය දේශපාලන නායක යනුත් උදලු මිටින් කන්න ලෑස්ති වෙලා ඉන්න මොකද ගොවි ජනතාවට දැන් එපාවටම එපා වෙලාන්නේ.
ඔය කොළඹ ඉඳන් කතා කරන ලාල් කාන්ත සහ නාමල් කරුණාරත්න ගමට බැහැල බලන්න එතකොට වෙන දේ හිතාගන්න බැරි වෙයි.
දේශී ගොවියාගේ ගැටළු විසඳා ගැනීමේ මූලික අධියරක් වශයෙන් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට උද්ඝෝෂණ සංවිධානය කරනවා. ඒකෙන් එක් උද්ඝෝෂණයක් ජනාධිපතිවරයාගේ ප්‍රදේශයේ තඹුත්තේගම දී සිදුවෙනවා.
ඉදිරියේදී මෙවන් උද්ඝෝෂණ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන අන්දමින් ක්‍රියාත්මක කරලා සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරන ගොවි මහතුන් කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශය වටලා දැවැන්ත උද්ඝෝෂණයක් දේශයේ ගොවි හඬ සංවිධානය විසින් සංවිධානය කරනවා."
- hirunews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..