ලංකාවට එන්න බය සාක්කිකරුවන්ගේ සාක්කි පිටරට ගොස් ලබා ගන්නා ක්‍රමවේදයක් හදනවා..
1979 වසරේ සිට වසර 46ක් පුරා මෙරට ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මේ වසර තුළ අහෝසි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදය සහ පුරවැසි නිදහස තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවත්, ඒ වෙනුවට සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා පමණක් ඉලක්ක කරගත් නව නීති පද්ධතියක් හඳුන්වා දෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
සාක්ෂිකරුවන්ට විදේශයන්හි සිට සාක්ෂි දීමට අවස්ථාව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි දීමට සිටින සාක්ෂිකරුවන් මෙරටට පැමිණ සාක්ෂි දීමට බියක් දක්වන බවයි.
ඔවුන්ගේ ආරක්ෂාව සහ පහසුව සැලකිල්ලට ගනිමින්, විදේශගතව සිටින සාක්ෂිකරුවන් සඳහා එම රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙත නිලධාරීන් ගොස් සාක්ෂි ලබාගැනීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බව ඔහු පැවසීය.
මෙම නව ක්‍රමවේදය දැනටමත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව හෙළි කළ ජනාධිපතිවරයා, ඒ අනුව විදේශගතව සිටින සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබාගැනීම සඳහා ළඟදීම ඔස්ට්‍රේලියාව බලා නිලධාරීන් කණ්ඩායමක් පිටත්ව යාමට නියමිත බව විශේෂයෙන් සඳහන් කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් ඕනෑම ක්‍රියාවක් ත්‍රස්තවාදය ලෙස අර්ථකථනය කර පුද්ගලයන් දඩයම් කිරීමට තිබූ ඉඩකඩ නව නීති හරහා අහුරා දමන බව ජනාධිපතිවරයා පැවසීය.
නව පනත මගින් සංවිධානාත්මක අපරාධ යන්නට පැහැදිලි සහ සංයුක්ත අර්ථ නිරූපණයක් ලබා දෙන අතර, එමගින් මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම්, භාෂණයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මුළුමනින්ම ආරක්ෂා වන බව ඔහු සහතික කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..