ගත වූ 78 වසරක කාලය තුළ මෙරට කිසිදු පාලකයකු හෝ ආණ්ඩුවක් සිදු නොකළ, දුෂ්ඨ ක්‍රියාවක්, වර්තමාන ආණ්ඩුව යටතේ සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීන්දු කර ඇති බවත්, ඒ අනුව 2026 ජනවාරි 5 දින පැවැත් වූ අමාත්‍ය මණ්ඩලය විසින් මෙතෙක් පැවති නිදහස් සෞඛ්‍ය සේවය අවසන් කිරීමේ ආරම්භය සනිටුහන් කරමින් තීන්දු දෙකක් ප්‍රකාශයට පත් කර ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පසුගිය කිසිම ආණ්ඩුවක් ප්‍රසම්පාදනයකින් තොරව ගල්අඟුරු ගෙන්වීමට කිසිම සමාගමකට ලබාදී නැති බවත්, ගිය ආණ්ඩුව කාලේ ගල්අඟුරු ගෙන්වීමට ලබාදී තිබූ සමාගම යෝෂිත රාජපක්ෂගේ හිතවත් සමාගමක් නොව එය මාලිමා ආණ්ඩුවේ කොළඹ නගරාධිපතිනියගේ මස්සිනා එම සමාගමේ නියෝජිතයා ලෙස කටයුතු කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා අන්තර්ජාල නාලිකාවකදී පවසයි.
මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම යනු රටේ ජාතික ආරක්ෂාව සහ රාජ්‍යයේ පැවැත්ම බිඳවට්ටමින් දෙමළ ඩයස්පෝරාවේ උවමනාවන් ඉටු කිරීම සඳහා දියත් කර ඇති “දේශපාලන මෙහෙයුමක්” බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (27) ප්‍රකාශ කළේය. බත්තලමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව අවධාරණය කළේය.
ඊයේ (26) දින එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලියාපදිංචි නාවික යාත්‍රාවක සිටි පුද්ගලයින් 10 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් ත්‍රස්තවාදී අරමුණු සඳහා කියුබාව ආක්‍රමණය කිරීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියුබා ජනරජයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩෙස් ද කොසියෝ පවසන්නේ මෙය හුදකලා සිද්ධියක් නොවන බවත්, වසර 60 කට වැඩි කාලයක් කියුබාව ආක්‍රමණශීලීත්වයට සහ ගණන් කළ නොහැකි ත්‍රස්තවාදී ක්‍රියාවලට ගොදුරු වී ඇති අතර, ඒවායින් බොහොමයක් එක්සත් ජනපදය විසින් සංවිධානය කර, අරමුදල් සපයා සහ සිදු කර ඇති බවත් ය.
ප්‍රධාන පුවත්
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්