CD ගේ මරණය සිය දිවි නසාගැනීමක් විය නොහැකි බවට පවුලේ ඥාතීන්ගෙන් සැකයක්..
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි මරණය, ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ ගිනිඅවිය අහඹු ලෙස ක්‍රියාත්මක වීමෙන් සිදුවූ අනතුරක් විය හැකි බවට සැක කෙරෙන බව 'සන්ඩේ අයිලන්ඩ්' පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, සිද්ධිය සිදුවන අවස්ථාවේදී වික්‍රමරත්න මහතා සිය බිරිඳ සමඟ උදෑසන ඇවිදීමට යාම සඳහා සූදානම් වී නිවසේ ආලින්දයේ රැඳී සිට ඇති බවත්, එහිදී සිය ආරක්ෂක නිලධාරියා සතුව තිබූ නව ගිනිඅවියක් දුටු ඔහු එය පරීක්ෂා කිරීමට ඉල්ලා ඇති බවත් සඳහන්.
වසර ගණනාවකට පෙර තමන් ද මෙවැනිම ගිනිඅවියක් භාවිතා කළ බව පවසා ඇති හිටපු පොලිස්පතිවරයා, එහි පතරොම් ගැබ නොමැති බව දැක "ඔබ පතරොම් ගැබක් නොමැතිව මා සමඟ පැමිණීමට ද සූදානම් වන්නේ?" යැයි විමසා ඇත.
අනතුරුව ආරක්ෂක නිලධාරියා පතරොම් සහිත ගැබ ඔහුට ලබා දී, හිටපු පොලිස්පතිවරයා ඉල්ලා සිටි පැන් බෝතලයක් රැගෙන ඒමට නිවස තුළට ගිය අවස්ථාවේදී මෙම වෙඩි වැදීම සිදුව ඇති බව මූලික තොරතුරු අනාවරණය කරයි.
නිවස තුළ සිටි ඔහුගේ බිරිඳට වෙඩි හඬ ඇසී පැමිණ බලන විට වික්‍රමරත්න මහතා ආලින්දයේ වැටී සිටිනු දැක ඇත.
ඔහු කිසිදු මානසික පීඩනයකින් පසු නොවූ බවත්, මරණයට දින කිහිපයකට පෙර ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය හමුවකට සහ මිතුරන් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගී වී ඇති බවත් ඔහුගේ සමීපතම ආරංචි මාර්ග පවසයි.
ඔහු සියදිවි නසා ගැනීමට කිසිදු හේතුවක් නොමැති බව පවුලේ ඥාතීන් සහ මිතුරන් අවධාරණය කරන අතර, පිටස්තර පුද්ගලයෙකු විසින් වෙඩි තැබූ බවට ද කිසිදු සාක්ෂියක් හමු වී නොමැත.
ශ්‍රී ලංකා පොලිස් සේවයේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස 2020 නොවැම්බර් මස පත්වූ චන්දන වික්‍රමරත්න මහතා 2023 වසරේදී විශ්‍රාම ලැබීය. 1986 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස සේවයට එක්වූ ඔහු, යුද සමයේදී උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කළ අත්දැකීම් බහුල නිලධාරියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වන තෙක් පොලිසිය බලාපොරොත්තුවෙන් සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්