News Category
From Date
To Date
Maximum Number of Result

විවිධ ආණ්ඩු විසින් පසුගිය වසර දහයක පමණ කාලයේදී වරින් වර පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභා විස්සක පමණ වාර්තා තවමත් ක්‍රියාත්මක නොවී හමස් පෙට්ටියේ පවතින බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා ලංකාදීපයට පැවසීය.

පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගෙන හිටපු රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා විසින් පිහිටවූ නැගෙනහිර දෙමළ සන්ධානය සමග හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් ද එක්වී තිබේ.

2025 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වන වර කියවීමේ විවාදය අද (21) පැවැත්වූ අතර එහිදී අයවැය තුන්වන වර කියවීම වැඩි ඡන්ද114 කින් සම්මත වුණා. අයවැයට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 45ක් ලැබුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට අයවැය පිළිතුරු කතාව සිදුකරමින් සිටී.

අද හවස් වරුවේ බටහිර ලන්ඩනයේ විදුලි උපපොළක් තුළ පැතිර ගිය දැවැන්ත ගින්නක් හේතුවෙන් හීත්‍රෝ ගුවන්තොටුපළේ විදුලිය විසන්ධි වී ඇතැයි වාර්තා වේ.

අද හවස් වරුවේ බටහිර ලන්ඩනයේ විදුලි උපපොළක් තුළ පැතිර ගිය දැවැන්ත ගින්නක් හේතුවෙන් හීත්‍රෝ ගුවන්තොටුපළේ විදුලිය විසන්ධි වී ඇතැයි වාර්තා වේ.

ඉඩම් ගනුදෙනු දෙකක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) දන්වා ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් කඩාවැටී තිබේ. කටුනායක සිට ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී ඇති බව සඳහන් ය.

ඉන්දියාවේ මහා බෝධි විහාරයේ පාලනය බෞද්ධයින් අතට පත්කරන්නැයි බලකරමින් බිහාර් ප්‍රාන්තය පුරා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.


ප්‍රධාන පුවත්

වැට් සංශෝධන පනත බලාත්මක වෙයි..

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (11 දා) සිය සහතිකය සටහන් කළේය.

ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි

අප්‍රේල් 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි චීනය එක්සත් ජනපදයෙන් ආනයනය කරන නිෂ්පාදන සඳහා වන අතිරේක තීරුබදු සියයට 84 සිට 125% දක්වා ඉහළ නංවන බව චීන රාජ්‍ය කවුන්සිලයේ රේගු තීරුබදු කොමිසම අද(11) නිවේදනය කළේය.

ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි

අප්‍රේල් 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි චීනය එක්සත් ජනපදයෙන් ආනයනය කරන නිෂ්පාදන සඳහා වන අතිරේක තීරුබදු සියයට 84 සිට 125% දක්වා ඉහළ නංවන බව චීන රාජ්‍ය කවුන්සිලයේ රේගු තීරුබදු කොමිසම අද(11) නිවේදනය කළේය.

ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකාව පීඩාවට පත්වනු ඇතැයි අපේක්ෂා කරනවා: එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන

ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ප්‍රමාදයන් හේතුවෙන් ශ්‍රී ලංකාව ප්‍රතිවිපාකවලට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේගුණවර්ධන මහතා අද(11) පැවසීය.

ඇමෙරිකාව ලංකාවට බදු පැනවීම අහම්බකයක්ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජයග්‍රඑග්‍රහණයේ පිටුපස සිටින ගොලීය බිලියනපතියන් සමූහය ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකානු ඊනියා ජාතිකවාදී සහ ජාතිවාදී සුදු ජාතික ඉහළ පන්තිය පිනවීම සදහා ප්‍රතිපත්තියේ ප්‍රධාන හැඩතලයන් නැගී එන චීනයේ ආර්ථික බලය බිද දමමින් ඇමරිකානු අධිපතිවාදී ආර්ථිකය ාලෝකය මත පැයවීමේ උත්සාහයක නිරතව සිටි බ ව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජයග්‍රඑග්‍රහණයේ පිටුපස සිටින ගොලීය බිලියනපතියන් සමූහය ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකානු ඊනියා ජාතිකවාදී සහ ජාතිවාදී සුදු ජාතික ඉහළ පන්තිය පිනවීම සදහා ප්‍රතිපත්තියේ ප්‍රධාන හැඩතලයන් නැගී එන චීනයේ ආර්ථික බලය බිද දමමින් ඇමරිකානු අධිපතිවාදී ආර්ථිකය ාලෝකය මත පැයවීමේ උත්සාහයක නිරතව සිටි බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දේශබන්දුගේ ඇප කැන්සල් කරන්නැයි අභියාචනාධිකරණයට ප‍්‍රතිශෝධනයක්?

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ඇප ලබාදීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කිරීමට පියවර ගන්නා බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

දූෂණ විරෝධී පස් අවුරුදු සැලසුමට පළමු පැමිණිල්ල ජාතික ව්‍යාපාරයෙන්: සතොස සභාපතිට එරෙහිව

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් එළි දැක්වූ දූෂණ විරෝධී පස් අවුරුදු සැලැස්මට අදාළව පළමු පැමිණිල්ල දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය විසින් කොමිසමට ඉදිරිපත් කර ඇත.

මෝදි හින්දු අන්තවාදය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට සූක්ෂමව කටයුතු කරමින් සිටිනවා- ජන අරගල ව්‍යාපාරයේ දුමින්ද නාගමුව

ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ හූ කියනු ලැබුවේ දැනුවත්ව බවත් ඔහු ඉන්දියාවේ ශිව සේනා සංවිධානයේ නායකයෙකුව සිටිමින් ගුජාරාට් ප්‍රාන්තයේ මහ ඇමති ධූරය දරමින් ඉන්දියාවේ මුස්ලිම් වැසියන් දාහකට ආසන්න සංඛ්‍යාවක් මරා දැමූ පුද්ගලයෙකු බවත් ජන අරගල සන්ධානයේ දුමින්ද නාගමුව මහතා පැවසූවේය.

වොෂින්ටනයේ තීරුබදු පියවර මධ්‍යයේ බොහෝ ජාත්‍යන්තර සමාගම් චීනය ව්‍යාපාරික මෙහෙයුම් සඳහා 'ආරක්ෂිතම වරාය' ලෙස සලකයි- නිව් යෝක් ටෛයිම්ස්

ගෝලීය වෙළඳාමේ කැලඹීම් මධ්‍යයේ සමාගම් කඩිනම් තීරණයක් ගැනීමට බිය වන බැවින්, බොහෝ ආසියානු රටවල් මත එක්සත් ජනපදය තීරුබදු පැනවීම චීනය වඩාත් "ආකර්ශනීය විකල්පයක්" බවට පත් කර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් ඊයේ(09) "තීරුබදු කුණාටුවකදී, බොහෝ සමාගම් චීනය ආරක්ෂිතම වරාය ලෙස දකී" යන මාතෘකාවෙන් යුත් පලකල පුවත් වාර්තාවක සඳහන් කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.