News Category
From Date
To Date
Maximum Number of Result

රණවිරු ස්මාරක අසලදී සිදුවූ සිද්ධිය සම්බන්ධය ඕනෑම නඩු කටයුත්තකට මුහුණදීමට තමා සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

රාජ්‍ය සේවයේ ඉහළම මට්ටමේ ලේකම් ධුරයක් දරන පරිපාලන නිලධාරියකුට එම තනතුරෙන් වහාම ඉල්ලා අස්වන ලෙස රජය විසින් දැනුම් දී ඇති බවට ප්‍රබල රාවයක් දේශපාලන කරලියේ මෙන්ම සමාජ මාධ්‍ය හරහාද පැතිරයමින් තිබේ.

අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 330 සීමාව ඉක්මවා යාමෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකා රුපියල මත දිගින් දිගටම පවතින පීඩනය යැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (Joint Apparel Association Forum) මහලේකම් යොහාන් ලෝරන්ස් අවධාරණය කරයි.

කාසල් වීදිය කාන්තා රෝහල තුළ ළමයින්ගේ ලිංගික විපර්යාසයන්ට (Gender-change) අදාළ වෛද්‍ය ක්‍රියාමාර්ග සිදු කරන බවට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන චෝදනා එම රෝහල් බලධාරීන් විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

රණවිරුවන් සැමරිය යුතු නැති බව ටික කලකට පෙර සමහරුන් ප්‍රකාශ කළ බවත්, දැන් ඔවුන් එසේ නොකියා කියන්නේ 'එහෙත් සමරන්න ඕනේ, මෙහෙත් සමරන්න ඕනේ' යන කතාව බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

කොන්ග්‍රස් මණ්ඩලයෙන් පැහැදිලි අනුමැතියක් නොලැබුනහොත්, ඉරානයේ හමුදා මෙහෙයුම නතර කිරීම සඳහා වන යුද බලතල යෝජනාවක් අමෙරිකානු සෙනෙට් මණ්ඩලය ඉදිරිපත් කර තිබේ.

යුද්ධයට ජයග්‍රාහකයන් නොමැති බවට සහ ඉතිරිවන්නේ දුක පමණක් බවට සිදුකරන කතා සියල්ල පුහු බයිලා බවත් යුද්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍යය ජයග්‍රහණය කර කොටි පරාජය වූ බවත් සර්වජන බලය උප සභාපති, ආචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මියගිය රණවිරුවන් මීට 17 වසරකට පෙර තමන් උපන් මාතෘ භූමිය වැළඳගෙන අවසන් ගමන් ගොස් ඔවුන්ගේ යුතුකම ඉටුකළ බවත්, එම රණවිරුවන්ගේ ආදරණීය මව්පියන්, බිරින්දෑවරුන් තමන්ගේ දරුවා, ස්වාමියා මේ රට වෙනුවෙන් ජීවිතය පූජාකර තිබියදී ඔවුන් වෙනුවෙන් මෙරට පාලකයන් යුතුකම් ඉටුනොකිරීම පිළිබඳව දැඩි වේදනාවකින් පසුවන බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ගේ සහ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන්, යුද විජයග්‍රණය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදුකළ විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස්, විශ්‍රාමික රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක ඇතුළු විරුවන්ගේ සහ ජාතික සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් 'රණවිරු උපහාර සතර මහා උත්තම පූජාව' ඊයේ (19) සවස 3.00 ට පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙනේ දී පැවැත්විණි.


ප්‍රධාන පුවත්

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.