News Category
From Date
To Date
Maximum Number of Result

වර්තමාන දේශපාලන ලෝකය පිළිබඳව තමන් වහන්සේ තුළ පවතින්නේ දැඩි කලකිරීමක් බවත්, ශ්‍රී ලංකාව තුළ ප්‍රතිපත්තිගරුක නායකත්වයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව දැඩිව මතුව ඇති බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

යහපාලන සමයේ සිරගත කළ සියළුම දේශපාලකයන් බැලීමට නාමල් රාජපක්ෂ එම කාලයේ ගිය බවත්, මෙවර මාලිමාවෙන් සිරගත කරන ලද අයවද ඔහු බලන්නට ගිය බවත් එය අලුත් දෙයක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පවසයි.

කියුබානු විප්ලවීය නායක, හමුදා ජෙනරාල් රාවුල් කැස්ත්‍රෝ රූස් මහතාට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් මැයි 20 වන දින ඉදිරිපත් කරන ලද චෝදනාව කියුබානු විප්ලවවාදී රජය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප තිබේ.

මැයි මස 16 වෙනිදා සිට වාහන ආනයනය සඳහා 50%ක අධිභාරයක් පැනවීමට රජය තීරණය කර තිබියදී, ඊට පෙර දින එනම් 15 වෙනිදා හදිසියේම වාහන 1782ක් සඳහා ණයවර ලිපි (LC) නිකුත් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරයි.

වත්මන් අනුර කුමාර දිසානායක මහතාගේ රජය මූල්‍ය රහස් ජාවාරම්කරුවන්ට විකුණමින් ස්වකීය ගජමිතුරු කල්ලිය පෝෂණය කරන අතරතුර, රටේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා උදුරා ගන්නා තුට්ටු දෙකේ තත්ත්වයකට ඇද වැටී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේදී අද (20) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් ආශ්චර්යා ජයකොඩි මැතිනිය සහ ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභා සාමාජික ආචාර්ය සුපුන් ජයසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අතිරේක ලේකම්වරයා වශයෙන් පත් කළ ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතාගේ සේවය අවශ්‍ය නොවන බව සඳහන් කරමින් එම නිලධාරියා අවමානයට හා මානසික කනස්සල්ලට ලක්කිරීම තුළින් එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් එම නිලධාරියාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දෛනික විනිමය අනුපාතික වාර්තාවලට අනුව, මෙරට මූල්‍ය වෙළෙඳපොළ තුළ ප්‍රධාන විදේශීය මුදල් වර්ග කිහිපයකම මිල ගණන් අද (21) දිනයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

රටේ උපරිමාධිකරණ සඳහා විනිසුරුවරුන් අට දෙනෙකු පත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධ ප්‍රශ්නයකට පිළිතුරු දීම අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රතික්ෂේප කළේය.

අපි දමිල ජනතාවට විරුද්ධව යුද්ධ කළේ නෑ. අපි සටන් කලේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් එක්ක.නැතුව දමිළ ජනතාව එක්ක නෙවෙයි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.


ප්‍රධාන පුවත්

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.