News Category
From Date
To Date
Maximum Number of Result

මෙරටින් සොරකම් කල ධනය උගන්ඩාවේ සගවා ඇතැයි මෙවර පාර්ලිමේන්තු මැතිවරණ අපේක්‍ෂිකාවක් පසුගිය ජනාධිපතිවරණ වේදීකාවේදී සිදුකල සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේදී උසස් පෙළ දරුවන්ට බෙදා දී ඇති පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයට ජාතික ජන බලවේගයට සම්බන්ධ ප්‍රශ්න 5ක් ඇතුලත් වීම විශාල ගැටලුවක් කර ගතයුතු නැතැයි ලංකා ගුරු සංගමය පවසයි.

මින් ඉදිරියට රේගු ආඥා පනතේ විධිවිධාන අනුව පමණක් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සන්ධානය සිය සාමාජිකත්වයට දැනුම්දී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඝාතනය කර අදට (13) වසර 35ක් සපිරෙයි.

ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලෙස එරට නාම් තමිලර් කච්චි ප්‍රධානී සීමන් ඉන්දීය රජයෙන් ඉල්ලා ඇතැයි ‘ද හින්දු’ වාර්තා කරයි.

ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ 96 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඒ මහතාගේ නාවල, කොස්වත්තේ පිහිටි නිවසේ දී විශේෂ ආගමික වැඩසටහනක් ඊයේ(12) දිනයේ දී පැවැත්විණි.

මෙරට 10වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය හෙට (14) පැවැත්වෙයි.

පාර්ලිමේන්තු මැතිවරණය නිහඬ කාලය තුළ ජංගම දුරකථන වෙත කෙටි පණිවුඩ යවමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කළ අපේක්‍ෂකයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පැවැසීය.

මහ මැතිවරණයේ ආරක්‍ෂාව සඳහා පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්‍ෂක අංශ සාමාජිකයන් 90,000ක් යෙදවීමට කටයුතු කර ඇති බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පවසයි.


ප්‍රධාන පුවත්

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.