News Category
From Date
To Date
Maximum Number of Result

යම් අයෙකුට එරෙහිව දූෂණ වංචා චෝදනාවක් තිබේ නම් එය අධිකරණය තුළින් ඔප්පු විය යුතු බවත්, ජනතා විමුක්ති පෙරමුණ මෙන් කිසිවෙකුට බොරුවට ඇඟිල්ල දිගුකිරීමට පක්ෂයක් ලෙස තමන්ට නොහැකි බවත් නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල්අවිවිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට රොකට් අවි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව බදුල්ල ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වර්තමාන ආණ්ඩුවට ලැබුනු ජනවරම නිවැරදිව කියවා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් ජාතික නිදහස් පෙරමුණ විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බවත්, සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම තිබෙන බව පමණක් අමතක නොකළ යුතු බවත් මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

සමාජ ඒකාග්‍රතාවය, සහජීවනය, සාමකාමී බහුත්වවාදී ශ්‍රී ලංකාවක් නාමයෙන් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් න්‍යායාත්මකව සාධාරණීකරණය කිරීම සහ එම මතවාද බහුතර සිංහල බෞද්ධ ජනයා මත පැටවීම සඳහා දෙමළ ඩයස්පෝරාව විසින් මිලට ගත් බවට චෝදනා එල්ල වන භික්ෂූන් හත් නමක් යොදාගනිමින් ඉදිරිපත් කරන 'හිමාලයා ප්‍රකාශනය' නම් ලියැවිල්ල 2024-12-20 දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට භාරදෙන බව වාර්තා වේ.

රටේ සහල් අර්බුදය උත්සන්න වන බැවින් ඊට විසඳුමක් ලෙස කඩිනමින් නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර පහෙන් එක් මන්ත්‍රි ධුරයක් සඳහා සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පළමුව පත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා මහ මැතිවරණයේදී ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකින් එකකට පත් වූ හිටපු ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (19දා) පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කිහිපදෙනකු සමග මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදී සිදුකළ සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී ඇත.


ප්‍රධාන පුවත්

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.