රේගු අංගනවල වසර 8ක් සිරවූ වාහන 437ක් විනාශ වෙයි.. රජයට විශාල ආදායමක් අහිමි වන ලකුණු!
ශ්‍රී ලංකා රේගුව භාරයට ගන්නා ලද වාහන 437ක් වසර අටකට අධික කාලයක් තිස්සේ නිසි කළමනාකරණයකින් තොරව විවිධ අංගනවල රඳවා තැබීම නිසා ඒවා දැඩි ලෙස දිරාපත්ව ඇති බවත්, එමගින් රජයට ලැබීමට තිබූ විශාල වෙන්දේසි ආදායමක් අහිමි වී ඇති බවත් නවතම විගණන වාර්තාවකින් හෙළි වේ.
රේගු දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත් විගණන නිරීක්ෂණවලට අනුව, මෙසේ දීර්ඝ කාලයක් තිස්සේ එළිමහන් බිම්වල ගාල් කර තිබූ වාහනවලින් වැඩි ප්‍රමාණයක් මේ වන විට ධාවන තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වී තිබේ.
මෙම වාහන 437 ප්‍රධාන ස්ථාන දෙකක රඳවා තබා ඇති අතර, ඉන් වාහන 329ක් රේගුව විසින් පෞද්ගලික සමාගමකින් ලබාගත් මට්ටක්කුලිය පරිශ්‍රයේද, ඉතිරි වාහන 108 හම්බන්තොට රුහුණුපුර ජාත්‍යන්තර වරාය භූමියේද ගාල් කර ඇත. වසර ගණනාවක් මුළුල්ලේ අව්වට සහ වැස්සට නිරාවරණය වීම හේතුවෙන් මේවායේ ලෝහ කොටස් විඛාදනය වී අභ්‍යන්තර උපාංග විනාශ වීමෙන් දැඩි භෞතික හානියක් සිදුව ඇති බව විගණන වාර්තාව පෙන්වා දෙයි.
රේගු ආඥා පනතේ 109 වන වගන්තියට අනුව භාරයට ගත් හෝ රාජසන්තක කළ භාණ්ඩ සම්බන්ධයෙන් නියමිත කාලසීමාවන් තුළ සුදුසු නීතිමය හා පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්ය වේ. කෙසේ වෙතත්, අදාළ නීතිමය విධිවිධාන නිසි වේලාවට ක්‍රියාත්මක නොකිරීම නිසා මෙම වාහන සම්බන්ධයෙන් තීන්දු ගැනීම ප්‍රමාද වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රජයට ලැබීමට තිබූ සාධාරණ වෙන්දේසි ආදායම අහිමි වෙමින් පවතින බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි. එබැවින් අනාගතයේදී මෙවැනි අලාභයන් වළක්වා ගැනීමටත්, රාජ්‍ය ආදායම් සුරක්ෂිත කිරීමටත් කඩිනම් නීතිමය නිරවුල් කිරීම් සහ විනිවිදභාවයෙන් යුත් වෙන්දේසි ක්‍රියාවලියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව ද විගණන වාර්තාව මගින් අවධාරණය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..