News Category
From Date
To Date
Maximum Number of Result

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21 ක් සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ අද (29) නියම කළාය.

එක්සත් ජනපද යුද හමුදා පැසිෆික් අණදෙන මූලස්ථානයේ (USARPAC) නියෝජ්‍ය අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් ජොයෙල් ජේ.බී. වවල් මහතා (Lt. Gen. Joel J.B. Vowell) නිල සංචාරයක් සඳහා අද (29) දිවයිනට පැමිණ තිබේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හවානා නගරය “වැටෙනු ඇත” යැයි පවසමින් කියුබානු පාලනයේ “මූලික වෙනසක්” අවශ්‍ය බව ප්‍රකාශ කිරීමෙන් පසු, බාහිර මැදිහත්වීම්වලට එරෙහිව කියුබාවට සහාය දෙන බවට චීනය ප්‍රතිඥා දී තිබේ.

ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිර දඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෝසමක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ක්‍රිෂ් ගනුදෙනුව සහ එයාර් බස් ගනුදෙනුවට අදාළ නඩු දෙකකට අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එක්සත් රාජධානිය තුළ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් පෙට්‍රල් සහ ඩීසල් බෙදාහැරීම සීමා කරමින් සලාක ක්‍රමයක් හඳුන්වා දීමට එරට රජයේ අවධානය යොමුව තිබේ. ඩීසල් ලීටරයක මිල පවුම් 1.99 (පැන්ස 199.11) දක්වා ඉහළ යමින් 2022 වසරේ පැවැති ඉහළම වාර්තා ද අභිබවා යාම මෙම හදිසි තීරණයට ප්‍රධාන හේතුව වී ඇත. මේ වන විට මහජනතාවට සහ අත්‍යවශ්‍ය සේවාවන්ට බාධාවකින් තොරව ඉන්ධන ලබා දීම සඳහා රජය විසින් හදිසි සැලසුම් කිහිපයක් සකස් කරමින් පවතී.

නීතිය, දේශපාලන බලය සහ මත්ද්‍රව්‍ය ජාලයන් එකිනෙක පැටලී ඇති ‘පාර රාජ්‍යයක’ (Deep State) වත්මන් සමාජය ජීවත් වන බව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති, ජනාධිපති නීතිඥ ප්‍රසාන්ත ලාල් ද අල්විස් මහතා පවසයි.

අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද නායක ස්වාමීන් වහන්සේ සහ මඩවල සීලවිමල නායක හිමියන් ඇමරිකා එක්සත් ජනපදයේ ධර්ම දූත මෙහෙවර ආරම්භ කර වසර 50ක් පිරීම නිමිත්තෙන් උන්වහන්සේලාගේ සේවය ඇගයීම සඳහා විශේෂ වැඩසටහනක් පවත්වා තිබේ.

‍22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන්නේ අභියාචනාධිකරණය සතු බලතල අත්තනෝමතික ලෙස වෙනස්කර ෆෙඩරල් රාජ්‍යයකට පාර කැපීමක් බව පූජ්‍ය වැලිපත ධම්මාරාම හිමි පවසති.


ප්‍රධාන පුවත්

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි

ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නියම වූ සිර දඬුවම 2024 දී ගෙවා අවසන් වීමට නියමිතව තිබූ නමුත් සමාව ලබාදීමේ ක්‍රමවේදයේ වරදක් බව කියමින් උන්වහන්සේ නැවතත් සිරගත කිරීමේ ඛේදවාචකය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..

ශ්‍රී ලංකාවේ යාපනය මහ නගර සභාවේ හෝ අදාළ මණ්ඩලවල කිසිදු පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ස්මාරකයක් ප්‍රදේශයේ බලධාරීන් විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟ කැනඩාවේ දෙමළ ජාතික කවුන්සිලය (NCCT) ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් එකී ඉවත් කිරීම "දෙමළ ජන සංහාරයක" කොටසක් ලෙස හමුදාවට සහ රජයට චෝදනා කරමින් මතයක් ගොඩනැගීමට උත්සාහ කර ඇත.

රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ජාත්‍යන්තර දේශපාලන හා යුධමය තත්ත්වය හමුවේ රුසියාව සහ බටහිර බලවතුන් අතර අර්බුදය දැඩි උච්චතම අවස්ථාවකට පත්ව ඇති බවයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.