News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් රටට ඉතා බරපතළ ලෙස බලපෑම් කළ හැකි බවත්, මෙය හෙළිකිරීමට ශ්‍රී ලංකා රජය අකමැති වී ඇත්තේ එනිසාම විය හැකි බවත්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා පවසයි.

ලෝක රූ රැජිණ තරගය අතරතුර ලෝකයක් හැඬවීමට සෝමාලියානු රාජ්‍යයෙන් රූ රැජිණ තරඟයට ඉදිරිපත් වූ Zainab Jama සමත්විය.

කාෂ්මීරයේ ගැටුම්වලදී සහ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන් සමග පැවති යුද්ධයේ දී වඩාත් අසීරුම යුද්ධය බවට පත්ව තිබුනේ එල්.ටී.ටී.ඊ ය සමග පැවති යුද්ධය බව ඉන්දීය විශේෂ බලකායේ සේවය කල මේජර් අබේ සපෘ පවසයි.

සත්‍ය යුක්තිය වෙනුවෙන් කතා කළ දකුණේ මෙන්ම උතුරේ තරුණයන් ද විරුවන් බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන පවසයි.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින යුදමය ආතතිය හමුවේ ඉන්දියාවේ වත්මන් ස්ථාවරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත්තේ ඉන්දියාව තවත් ත්‍රස්ත පුහාරයක් නීතිය සහ සාමය පිළිබඳව ගැටලුවක් ලෙස නොසලකන බවය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනකු සහ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු නිලධාරීන් හතරදෙනකු ඇතුළු නියෝජිතයන් 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සතියේ ඉන්දියාවට ගොස් නවදිල්ලියේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනයේ (PRIDE) ධාරිතා වර්ධන වැඩසටහනකට සහභාගී වනු ඇත.

හිටපු හමුදාපති ෆීර්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිරගත කරන ලද්දේ ඔහු සිදුකළ බරපතළ වරදක් හේතුවෙන් මිස මහින්ද රාජපක්ෂගේ බලපෑමක් අනුව නොවන බව මහින්ද පතිරණ මහතා අන්තර්ජාලයේ වීඩියෝවක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහ අගමැති හරිනිගේ ඇතැම් ක්‍රියාවන් සහ ප්‍රකාශ හමුවේ ජාතික චරිත ලෙස මෙරට තුළ ස්මතුවන ජනාධිපති චරිතය සහ අගමැති චරිතය කෙලෙසී යන බවත්, බටහිර රටවල පවා නායකයන් තමන්ගේ පදවියට ගැලපෙන ලෙස අදින ඇඳුම පැලදුමේ සිට එම පදවියේ ගෞරවය ආරක්ෂා කරගන්නා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 අප්‍රේල් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබේ.


ප්‍රධාන පුවත්

රුසියානු ගුවන් තොටුපළවලට එල්ලවූ යුක්රේන ප්‍රහාරය: මෙතෙක් හෙළිවූ කරුණු

සයිබීරියාව සහ ඈත පෙරදිග ඇතුළු රුසියානු කලාප පහක හමුදා ගුවන් තොටුපළවල්, කියෙව් විසින් සංවිධානය කරන ලද "සම්බන්ධීකරණ ඩ්‍රෝන් ප්‍රහාර" වලට ඉලක්ක වී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(01) පැවසීය

බ්‍රික්ස් සමුළුවට සහභාගී වෙන්න ජනපති පුටින්ගේ ආරාධනයට ජනපති අනුර කිව්ව දේ මෙන්න..- මෙරට රුසියා තානාපතිගෙන් අනාවරණයක්..

රුසියාවේ පැවැති බ්‍රික්ස් සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට තමන් පසුගිය ඔක්තොම්බර් මාසයේදී ආරාධනා කළ බව කොළඹ සිටින ශ්‍රී ලංකාවේ රුසියා තානාපති ලෙවන් ජගර්යන් මහතා සඳහන් කරයි.

යුද ජයග්‍රහණය රටට ලබාදුන් රණවිරුවන් ආරක්ෂා කිරීමට ආණ්ඩුවට කොන්දක් නැත්නම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් - විමල් කියයි (වීඩියෝ)

යුද ජයග්‍රහණය රටට ලබාදීම උදෙසා ක්‍රියා කළ රණවිරුවන්ට අද බලවත් අන්තර්ජාතික තර්ජනයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, මෙරට පාලකයන්ට ආරක්ෂක හමුදා ආරක්ෂා කිරීමට කොන්ද පණ නැතිනම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

චෙක් නොකර වරායෙන් එළියට ගිය කන්ටේනර් 323 ගැන හොයන්න දාපු කමිටුවේ වාර්තාව තවම නැතිලු..

බහාලුම් 323ක් කොළඹ වරායෙන් රේගු පරීක්ෂාවකින් තොරව මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවට මාස හතරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, එහි විමර්ශනය තවමත් අවසන් කර නොමැත.

කෙහෙළිය හිරේ දමා භාවිතයෙන් ඉවත් කළ ඖෂධයේ අවුලක් නැහැලු - ඖෂධ නියාමන අධිකාරිය දැන් කියන කතාව මෙන්න.. (වීඩියෝ)

පසුගිය කාලයේ රට පුරා මහත් ආන්දෝලනයක ලක්වූ හියුමන් ඉමියුනොග්ලොබියුලින් නම් ඖෂධය භාවිතා කිරීම හේතුවෙන් රෝගීන් මියගිය බවටද කරුණු වාර්තා වූ අතර, මෙම ඖෂධය ගෙන්වා රෝහල්වලට ලබාදීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නීතිය හමුවට ඉදිරිපත් කිරීම ද සිදුවිය.

හිටපු ලොක්කන් 50කගේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා අවසන් විමර්ශන ගොනු නීතිපතිට යවයි..

මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශන අවසන් කළ ගොනු පනහකට ආසන්න ප්‍රමාණයක් නඩු පැවරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.

ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..

ගොවිජන බැංකු ( නියමු ) ව්‍යාපෘතිය සහ ගොවි කාරක සභාව සදහා ගිණුම්කරණ මෘදුකාංග ලබාදීම සදහා පරිගණක ඇතුලු මුද්‍රණ උපකරණ මිලදී ගැනීමේ මුවාවෙන් රුපියල් මිලියන 250ක මහා පරිමාණ මුල්‍යමය වංචාවක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීමෙන් සිදුවී ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස වර්තමාන රජය විසින් පත් කළ සුනිල් ජයරත්න මහතා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්ධයෙන් දැනුම්වත් භාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී තිබේ.

වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)

සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා එම තනතුරට සදුසුදැයි යළි සලකා බැලිය යුතුව ඇති බව රජයේ මුදල් පිළිබඳ තාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.