"ඔයා ගේ හැදුවෙ හොරකම් කරපු ධනයෙන්".. - ප්‍රසාද් සිරිවර්ධන ලාල්කාන්තගේ මූණටම කියයි..
වත්මන් ආණ්ඩුව ජනතාව මුලා කරමින් සහ බොරුව මත පදනම් වෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන චෝදනා කරයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, අධිකරණයේ නඩු ප්‍රමාදය නැති කිරීමේ මුවාවෙන් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ වයස් සීමාව දීර්ඝ කිරීමට උත්සාහ කළද එමගින් නඩු විසඳීමේ කාලය අඩු වන ආකාරය පිළිබඳව කිසිදු තර්කානුකූල හේතුවක් තහවුරු කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බවයි.
මෙම සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ජාත්‍යන්තර නීති සංවිධාන මෙන්ම විනිසුරුවරුන්ගෙන් කොටසක්ද විරෝධය පළ කර ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මහජන සංවාදයකින් තොරව අත්තනෝමතික ලෙස තම 159ක බහුතර බලය යොදාගනිමින් මෙය සම්මත කරගැනීමට දරන උත්සාහය නිසා අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින ජනතා විශ්වාසය පළුදු වන බව අවධාරණය කළේය.
එමෙන්ම, මෙවැනි අත්තනෝමතික ක්‍රියාමාර්ග හේතුවෙන් විදේශීය රටවල් සහ ආයෝජකයින් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කෙරෙහි සැක පහළ කරන බැවින් රටට ලැබෙන විදේශ ආයෝජන තවදුරටත් අඩාල විය හැකි බවද ඔහු සඳහන් කළේය.
තවද, අධිකරණයේ තීන්දු තීරණ හා නඩු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකරන ප්‍රකාශ හරහා අධිකරණ පද්ධතියට සෘජු බලපෑමක් වන බවට චෝදනා කළ මන්ත්‍රීවරයා, අධිකරණය සමඟ කරන මෙවැනි සෙල්ලම් වහා නතර කරන ලෙස ඉල්ලා සිටියේය.
මන්ත්‍රීවරයාගේ කතාව අතරතුරදී ආණ්ඩු පක්ෂයේ මැතිඇමතිවරුන්ගේ ධන උපාය මාර්ග සහ නිවාස ඉදිකිරීම් සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් සිදු විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..