ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වට පියවර ගන්නවා.. – අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි..
අධිකරණය මගින් සිරදඬුවම් නියම කිරීමෙන් පසු බන්ධනාගාර ගත කළ පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ සිවුරු ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව මහනායක හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය ඉදිරියේදී සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.
බන්ධනාගාර නිලධාරීන් ගෙන තිබූ පියවර කිසිසේත් අනුමත කළ නොහැකි බවත් මෙය වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවත්, වරදක් සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් දඬුවම පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති බවත්, ප්‍රශ්නය ඇත්තේ මෙලෙස ඥානසාර හිමිගේ සිවුර උන්වහන්සේගේ කැමැත්ත අකමැත්ත පිළිබඳ තැකීමක් නොකර ඉවත් කිරීම සම්බන්ධයෙන් බවත් උන්වහන්සේ කීහ.
මහනුවර අස්ගිරි මහ විහාරයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ලේඛකාධිකාරි හිමියෝ මේ බව කීහ.
අධිකරණය මගින් යම් පුද්ගලයෙකු වරදකරු කර සිර දඬුවම් නියම කළ පසු එම පුද්ගලයා නැවත අධිකරණයට ඉදිරිපත් කරන්නේ නම් එම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර ආඥා පනතට අනුව කළ යුත්තේ එම පුද්ගලයා පෙර භාවිතා කළ ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම බවද, සාම්ප්‍රධායික වශයෙන් අපේ නීති පද්ධතිය අධිකරණය පිළිගන්නා බවද, නමුත් එම තත්ත්වය පවා නොතකා මේ දෙය කර තිබෙන බවද පැවසූහ.
ශාසනික වශයෙන් ගත් කළ මෙය ඉතාමත් බරපතළ වරදක් බවද, මෙම උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කොට උන්වහන්සේ නැවතත් පැවිදි කිරීමට අවශ්‍ය නම් ඒ කටයුතු කිරීමට අපි මැදිහත් වෙන බවද, රෝම ලන්දේසි නීතියට අනුව වරදට දඬුවම් දිය යුතු වුවත් බුදු දහමට අනුව වරදට සමාව දී යහමගට ගැනීමයි කළ යුතු බවද යැයි උන් වහන්සේ පැවසූහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි