ත්‍රෛනිකායික මහා සංඝ රත්නය සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක්..
අති පූජනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් අද (08) දිනයේ පැවැත්වීමට නියමිතය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින්, අධිකරණ තීන්දුවක් ප්‍රකාරව බන්ධනාගාර ගත කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ගිහි වස්ත්‍ර සහිතව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කිරීමට අදාළව මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවය.
ඒ අනුව අදාළ සාකච්ඡාව අද පස්වරු 1ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.
පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්ඳවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ඊයේ (07) ලිඛිත දැනුම්දීමක් සිදුකරනු ලැබීය.
එමඟින් මහානාහිමිවරුන් අවධාරණය කර ඇත්තේ, පුජ්‍ය ගල්ගොඩඅත්තේ ඥානසාර හිමි එලෙස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළ ආකාරය පිළිබඳ විමතියට හා දැඩි කනස්සල්ලට පත්වු බවය.
භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදිභාවය අහෝසි කිරීම හුදෙක් රාජ්‍ය පරිපාලනමය හෝ බන්ධනාගාර රෙගුලාසියකට සීමා වූ කරුණක් නොවන අතර එය මහි සංඝ රත්නයට අයත් වන ශාසනික කාර්යයක් බව ත්‍රෛනිකායික මහානාහිමිවරු පෙන්වා දෙති.
ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ භික්ෂූත්වය ඡෙදනය වන පාරාජිකා ආපත්තියකට පත්ව ඇති බවට හෝ චීවරයෙන් නෙරපිය යුතු බවට සංඝ සභාව මඟින් කිසිදු තීරණයක් ගෙන නොමැති අවස්ථාවක බන්ධනාගාර පරිපාලනය මඟින් එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සමස්ත සම්බුද්ධ ශාසනේය පැවැත්ම අභියෝගයට ලක්කිරීමට හේතුවන අතරම බෞද්ධ සම්ප්‍රදායට සිදුවන හානියක් බව ද අදාළ ලිපිය මඟින් දැනුම්දී තිබේ.
අධිකරණය මඟින් වරදකරු කරන ලද යම් භික්ෂුවකගේ භික්ෂූත්වයට අදාළ කරුණු සම්බන්ධයෙන් එකී භික්ෂුව අයත් වන නිකාය පාර්ශවයේ නිර්දේශ හා නියමයන් පරිදි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සුදුසු බව ත්‍රෛනිකායික මහානාහිමිවරුන් පෙන්වා දී ඇත.
එබැවින් අධිකරණ තීන්දුවට හා බන්ධනාගාර නීතිවලට බාධාවක් නොවන අයුරින් ඥානසාර හිමි බන්ධනාගාරය තුළ රැඳීසිටින කාලසීමාවේ භික්ෂූත්වයට අගතියක් නොවන අයුරින් කටයුතු කිරීමට අවකාස සලසා දෙන ලෙසත් ඉදිරි අධිකරණමය කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී අඛණ්ඩව භික්ෂුභාවයෙන් පෙනී සිටීමට අවශ්‍ය පරිපාලනමය පහසුකම් සලසාදීම සුදුසු බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමුකළ ලිපිය මඟින් වැඩිදුරටත් දැනුම් දී තිබුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි