රංවල කතානායක තනතුරෙන් ඉවත් කළ යුතුයි- මාලිමාවේ න්‍යාචාර්යවරයෙකු වූ ආචර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ කථානායක අශෝක රන්වල මහතා තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇත්නම් ඔහුට ඉල්ලා අස්වැන්නැයි බල කළ යුතු යැයි පවසයි. යම් විදියකින් එම බලපෑමට යටත් නොවී ඔහු ඉල්ලා අස්නොවන්නේ නම් ඔහු ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවද දේවසිරි මහතා අවධාරණය කර සිටී.
දේවසිරි මහතා පසුගිය මහ මැතිවරණවලදී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් සෘජුව පෙනී විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකි.
දේවසිරි මහතා සිය සමාජ ජාලා ගිණුමේ තැබූ සටහන පහතින්...
රන්වල පරීක්ෂාව!!!
==========
ආණ්ඩුව තමන් ජනතාව දුන් පොරොන්දුව සම්බන්ධයෙන් බැරෑරුම්ව සිතන්නේ නම් කතානායක අසෝක රන්වල ගේ උපාධි පිළිබද තත්වය තමන්ම සොයා බලා ඔහු ඒ සම්බන්ධව වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබේනම් එක්කෝ අස්වන්නැයි බල කළ යුතුය. නැත්නම් ඔහු ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. රන්වල මෙහි දී වරදක් කර තිබේනම් එහි වැරදි දෙකක් ඇත. එකක් නැති උපාධි තිබේ යැයි ජනතාවට ප්‍රකාශ කිරීමයි. අනෙක මෙවැනි කාලයක මෙවැනි දේ සම්බන්ධව ප්‍රසිද්ධියේ බොරු කියා, ඒ බොරු සගවාගෙන මෙවැනි කැපී පෙනෙන තනතුරක් දැමීමට හැකි යැයි කල්පනා කිරීමයි. දෙවැනි වරද පළමු වරදට වඩා බරපතල වේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දැනගත යුත්තේ තමන් හිස් ආවරණ, පා අවරණ හා අනෙකුත් ශරීර අවයව සදහා වූ ආවරණ නොමැතිව ප්‍රබල වේග පන්දු යවන්නන් ඉදිරියේ පන්දුවට පහරදෙන ක්‍රිකට් පිතිකරු බලකායක් මෙන් බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා