මත්ස්‍ය සම්පතින් ගහන වර්ග කි.මී. 517,000 සාගර සම්පතක් තිබිය දී - මිලියන 40000ක ටින් මාළු රටින් ගෙනත්
මෙරටට ටින් මාළු ආනයනය කිරීම සඳහා පසුගිය වසර පහයි මාස අටක කාලයේ දී (2019 සිට 2024 අගෝස්තු දක්වා) රුපියල් මිලියන හතළිස්දහස්, අටසිය අනූපහයි දශම තුනක මුදලක් (40,895.3) වැය කර ඇති බැව් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.
2023 වර්ෂයේ ටින් මාළු ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 6172.6කි. මෙම වර්ෂයේ ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා කාලයේ දී ටින් මාළු ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 2744.8ක මුදලක් වැය කර තිබුණි.
මත්ස්‍ය සම්පතින් ගහන වර්ග කි.මී. 517,000 සාගර සම්පතක් තිබිය දී ටින් මාළු ආනයනය කිරීම සඳහා මේ අයුරින් විශාල මුදලක් වැය කිරීම අනුමත කළ නොහැකි බව ධීවරයෝ පවසති. ටින් මාළු ආනයනය සීමා කිරීමට කටයුතු කළයුතු බව ද ධීවරයෝ පෙන්වා දෙති.
මත්ස්‍ය ආනයනය කිරීම මේ වනවි ට සීමා කර ඇති බවත් මත්ස්‍ය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම ක්‍රමානුකූලව අඩු කර අනාගතයේ දී එය සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මහතාගෙන් මේ පිළිබඳව අප කළ විමසුමක දී සඳහන් කළේය.
ටින් මාළු ආනයනය කිරීමට ඉදිරියේ දී බලපත්‍ර ලබා නොදෙන බවත් දේශීය ටින් මාළු කර්මාන්තකරුවන් නඟාසිටුවීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් ටින් මාළු සඳහා පනවා ඇති වැට් බද්ද පිළිබඳ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා