News Category
From Date
To Date
Maximum Number of Result

ජාත්‍යන්තර වාණිජ වෙළඳපොළෙන් ඩොලර් කෝටි 1550ක් ශ්‍රී ලංකාව ණය ලබාගෙන ඇති බවත් ඉන් මහින්ද රාජපක්ෂ ලබාගෙන ඇත්තේ ඩොලර් කෝටි 300ක් බවත්, ඉතිරි ඩොලර් කෝටි 1250ක් ම ගත්තේ 2015 - 2019 යහපාලන කාලයේ රනිල් වික්‍රමසිංහ බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතාවල දීප්තිමත් අනාගතයක් සනිටුහන් කරනු ඇතැයි චීනය විශ්වාස කරයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කර තිබේ.

විසි එක්වැනිදා මෙරට බහුතර ජනතාවගේ බලයෙන් දිලිත් ජයවීර තරුව ලකුණින් විජයග්‍රහණය කරන බවත්, මෙරට උරුමය වළපල්ලට යාමට නොදී නැවත කෙසේ හෝ රට නැගිටින බවත් ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පවත්වනු ලබන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අනිද්දා පැවැත්වීමට නියමිතව තිබේ.

නාඋල ප්‍රදේශයේදී පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 4 දෙනකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙවර ජනාධිපතිවරණය හා සම්බන්ධ රාජකාරි හේතුවෙන් අද (19 වැනිදා) සිට ලබන සඳුදා (23 වැනිදා) දක්වා අධිකරණයන්හි සාක්ෂි ලබාදීම හා අනෙකුත් කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට පැමිණීමට නොහැකි වන බව පොලිසිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ.

ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාවේදී ආපදා වලින් සිදුවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා අද (19) සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් උදය හේරත් මහතා පවසයි.

වසරක් ගතවී ඇති ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද ගැටුම් අවසන් කිරීම සඳහා මැදිහත් විය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවට ඊයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල විශේෂ සැසියේදී පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 124 ලැබී තිබේ.


ප්‍රධාන පුවත්

ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..

රටක පවතින අර්බුද හා ගැටලුවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් දෝෂාරෝපණය කිරීම සුදුසු නොවන බවත්, සැබෑ ගැටලුව පවතින්නේ පාලනය කිරීමේ ඇති අසමත්කම තුළ බවත් පෙන්වා දෙන තොරතුරු ඇතුළත් සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙරට ඇති වූ ඛනිජ තෙල් අර්බුදය ස්වාභාවිකව සිදු වූවක් නොව, සැලසුම් සහගතව කෘතිමව නිර්මාණය කරන ලද්දක් බව සංඛ චන්දිම අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.