ජනාධිපති අනුර චීනයේ සිටියදී... ඉන්දීය මහ කොමසාරිස් සජිත් සහ නාමල් හමුවෙයි
මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබේ.
මෙහිදී සජිත ප්‍රේමදාස ඉන්දියාවේ දිගුකාලීන සහයෝගයට කෘතඥතාව පළ කර තිබේ.
ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහ බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට උපකාර කිරීම සඳහා අඛණ්ඩ සහාය ලබා දෙන ලෙස ඔහු ඉල්ලීමක් ද කර ඇති බව වාර්තා වේ. මේ අතර ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සමඟ ද සාකච්ඡා පවත්වා තිබේ.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කළේ සංවර්ධන ව්‍යාපෘති, ආයෝජන, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් අනෙකුත් ක්ෂේත්‍ර දක්වා ඉන්දු – ශ්‍රී ලංකා විවිධ ගැටලු පිළිබඳ දෙදෙනා අදහස් හුවමාරු කරගත් බවයි.
ෆේස්බුක් හි සටහනක් තබමින් නාමල් රාජපක්ෂ පැවසුවේ වසර ගණනාවක් තිස්සේ රටවල් දෙක අතර පවතින ශක්තිමත් සම්බන්ධතාව අඛණ්ඩව පවත්වාගෙන යෑම පිළිබඳ සාකච්ඡා කළ බවයි.
මෙම හමුවන්හි විශේෂත්වය වන්නේ ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා චීනයේ නිල සංචාරයක නිරතව සිටින අවස්ථාවක මෙම හමුවීම් සිදුවීමය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..