
අර්චුනා රාමනාදන්ට මන්ත්‍රී ධුරයත් අහිමිවන ලකුණු.!
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තු ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට නිගමනය කරන ක්වෝ වොරන්ටෝ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමට ජනවාරි මස (31) වැනිදා කැදවන ලෙස අභියාචනාධිකරණය දින නියම කර ඇත.
මන්ත්‍රී අර්චුනා රාමනාදන් වෛද්‍ය නිලධාරි තනතුරෙන් ඉල්ලා අස්වීම ලබානොදී පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ඇති බවත් රජයේ සේවකයකු ලෙස ඔහු එමගින් මැතිවරණ නීතිය උල්ලංඝනය කර ඇති බවත් පෙත්සම්කරු පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා ඇත.
අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් විසින් ගොනුකර තිබූ එම පෙත්සම (15) කැඳ වූ අතර එය කරුණු සලකා බැලීම සදහා ලබන ජනවාරි (31) වැනිදා කැඳවීමට විනිසුරු මඬුල්ල දින නියම කළේය.
රජයේ සේවයෙන් ඉවත් නොවී පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා භාරදිම නීති විරෝධී වන බැවින් මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධූරයක් දැරීමට නුසුදුසු බවට තීන්දු කොට එම මන්ත්‍රි ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.
පෙත්සම්කරු සිය පෙත්සම මගින් කියා සිටින්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඉකුත් මහ මැතිවරණයේදී නාමයෝජනා භාරදී තිබෙන්නේ රජයේ වෛද්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් බවත් රාජ්‍ය සේවයෙන් ඉවත් නොවී නාමයෝජනා භාරදීම නීති විරෝධී බව පෙන්වා දෙන පෙත්සම්කරු එය මැතිවරණ පනතේ විධි විධානයන්ට පටහැනි බවත් සඳහන් කරයි.
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය අර්චුනා රාමනාදන්, පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
