
අවුරුදු දහයක් තුළ සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් 9,000ක් වසා දමාලා - අනුරාධ තෙන්නකෝන්
රට පුරාම ගතවු අවුරුදු දහය තුළ සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් 9,000ක් වසා දමා ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සදහන් කරයි.
පසුගිය 2015 වසරට පෙර හාල් මෝල් 10,000ක් රටපුරා පවත්වා ගෙන ගිය බවත් ණය බර හාල් මෝල් වසා දැමීමට බලපා තිබෙන බවද සභාපති අනුරාධ තෙන්නකෝන් සදහන් කරයි.
දැනට පවත්වාගෙන යන සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් 1,000හි හිමිකරුවන්ගෙන් 800ක් ගත් ණය ගෙවා ගැනීමට නොහැකි වී වාණිජ බැංකු මගින් අසාදු ලේඛන ගත කර තිබෙන බවත් මෝල් 9,000ක් වසා දැමීමට ණය බර සහ ගෙවීම පැහැර හැරීමෙන් අසාදු ලේඛනගත වීම බලපා තිබෙන බවද සදහන් කරයි.
මාස් කන්නයේ වී මිලදී ගැනීමට වාණිජ බැංකු මගින් රුපියල් මිලියන 50 බැගින් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ණය ලබාදීමට රජය තීරණය කර තිබුණත් බැංකුවල කොන්දේසිවලට අනුව හාල් මෝල් හිමියන් 9,800කට ණය ලබා ගැනීමට නොහැකි බවද සදහන් කරයි.
පැහැර හැර ඇති ණය අය කර ගැනීමේ පදනමින් සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන්ට මාස් කන්නයේ වී මිලදී ගැනීමට ණය නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් එමගින් සහතික මිලට පාරිභෝගික ජනතාවට හාල් සැපයීමේ රජයේ ඉලක්කයට ළඟා විය හැකි බවද සභාපතිවරයා සදහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
