News Category
From Date
To Date
Maximum Number of Result

දේශීය සංචාරක ක්ෂේත්‍රයට බරපතල පසුබෑමක් ඇති විය හැකි ත්‍රස්තවාදී ප්‍රහාර ගැන සඳහන් කරමින් සංචාරක උපදේශන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සන්ධානය ඊයේ ප්‍රබල පණිවිඩයක් විදේශ තානාපති කාර්යාල වෙත යවා තිබේ.

ආරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක් ඇතැයි අමෙරිකානු සහ ඉන්දීය බුද්ධි අංශ පසුගිය දිනක මෙරට ආරක්ෂක අංශ දැනුම්ත් කර තිබිණි.

විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු රූ ගතකළ වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ව්‍යාපෘතිය තවත් ඉදිරියට ගෙන යමින් ජාතික ජන බලවේග ආණ්ඩුව බැඳුම් කර නිකුත් කිරීම ඇමරිකානු සිටි බැංකුව නම් කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් තරග කරනු ලැබූ අපේක්‍ෂකයන් දැරූ වියදම් හා ආදායම් සවිස්තර වාර්තා මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (24දා) සිට මහජනතාවගේ දැන ගැනීම පිණිස ප්‍රකාශයට පත් කර ඇත.

පාස්කු වාර්තා රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකරට විරුද්ධව අර්ථ දැක්වීම පදනම් විරහිත බව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වේ.

ජනපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති පදවියට පත්කිරීම වෙනුවෙන් ජනතාව ලබාදුන් ජනවරම ආරක්ෂා කිරීමට ජාතික බලවේගව වශයෙන් වගකීමක් ඇති බවත්, එම ජනවරම ලබාදුන් ජනතාවගේ අපේක්ෂා ඉටුවනවාද නැද්ද යන්න සොයා බැලීමට අයිතියක් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(23) Kazan හි BRICS සමුළුවේ නායකයින්ගේ රැස්වීමේදී ඓතිහාසික දේශනයක් කරනු ලැබීය. ඔහුගේ දේශනයේදී, BRICS කණ්ඩායමේ වර්ධනය වන භූමිකාව සහ අපේක්ෂාවන් කෙරෙහි අවධානය යොමු කළ අතර, බටහිර සම්බාධක සහ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති වලින් ගෝලීය ආර්ථිකයට ඇති අවදානම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීය. ධාන්‍ය හුවමාරුව සහ නව ආයෝජන වේදිකාවක් පිහිටුවීම ඇතුළුව BRICS රාමුව තුළ රුසියාවේ මුල පිරීම් ද පුටින් අනාවරණය කළේය. ජනාධිපතිවරයාගේ දේශනයේ ඇති ප්‍රධාන කරුණු පහත පරිදිය.

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.


ප්‍රධාන පුවත්

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.