"රට අනුරට නෙමෙයි.. රට IMF එකට" - සජිත් ප්‍රේමදාස
පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් පිළිබඳව පොරොන්දු වූ ජනාධිපතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සමඟ අද අයවැය කතාව සැසඳිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
2025 අයවැයෙන් එම පොරොන්දු කොපමණ ඉටුකරනු ඇත්ද යන්න විමසා බැලිය යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පැවසුවේය.
“රට අනුරට” සංකල්පය යටතේ ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති මගින් ස්ථාවර ආර්ථිකයක් ඇති කිරීමට ප්‍රතිඥා දී ඇති නමුත්, යථාර්ථයෙන් පෙන්නුම් කරන්නේ ඒ වෙනුවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලට රට භාරදී ඇති බවත්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සීමාවන් තුළ අයවැය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් යනුවෙන් විපක්ෂ නායකවරයා චෝදනා එල්ල කර තිබේ.
2025 සඳහා වන රජයේ අයවැය සම්බන්ධයෙන් අද ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස කියාසිටියේ, අයවැයට අනුව 2.5%ක ප්‍රාථමික අතිරික්තයක් පවත්වාගත යුතු බව සහ ප්‍රාථමික වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%කට සීමාකළ යුතුව ඇති බවයි.
2024 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ හඳුන්වා දී ඇති 13% සීමාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති සමඟ සමපාත වන බවත්, 2.5% ක ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගැනීම සෘජු IMF නිර්දේශයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම විපක්ෂ නායකවරයා පෙන්වාදුන්නේ, ආයෝජන සඳහා වෙන්කර ඇත්තේ ඉතා සීමිත සම්පත් ප්‍රමාණයක් පමණක් බවයි.
අයවැය විවේචනය කරමින් විපක්ෂ නායකවරයා කියාසිටියේ, ණය බරින් සිරවී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට විසඳුම් ලබාදීමට එය අපොහොසත් වන බව සහ දුප්පත්කමෙන් මිදීමට මගක් ඉදිරිපත් කර නොමැති බවයි.
ව්‍යවසායකත්වය තුළින් ඉහළ ආර්ථික වර්ධනයක් සඳහා මෙවර අයවැය සහාය නොදක්වන බවත්, වැවිලි, කෘෂිකර්ම සහ ධීවර ක්ෂේත්‍රයට අදාළ පොරොන්දු ඉටුකර නොමැති බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේ, නව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුමක් ක්‍රියාත්මක කරන බව මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළද, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දැන් සෘජුවම IMF මාර්ගයේ ගමන් කරමින් සිටින බවයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ රාමුව තුළ වැඩකිරීම අත්‍යවශ්‍ය වුවත්, තමන් බලයේ සිටියේ නම් ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් අනුගමනය කරන බවත්, අයවැයට සංශෝධන එක්කිරීම සඳහා තවදුරටත් බලකරන බවත් ඔහු පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්