News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් වව්නියාවේ පැවැති රැස්වීමක දී දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට පොරොන්දුවීම මගින් ජාත්‍යන්තර බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කරන චෝදනා සනාථ වෙන බවට හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා චෝදනා කරයි.

හැකිනම් ජනාධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද වලට වඩා එකක් හෝ වැඩියෙන් ඡන්ද ගෙන පෙන්වන ලෙස සර්ව ජනබලයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ආණ්ඩුවට අභියෝග කරයි.

වර්තමාන ආණ්ඩුවේ ගමන මග සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකලාප සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂයේ දේශපාලකයන් පළකරන අදහස් පහළින් දැක්වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ සඳුදා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ගීතනාත් කාසිලිංගම් පත්කර ඇති බව වාර්තා වේ.

තම ආණ්ඩුවට හෙලිකොප්ටර් ඇලජික් නැති බවත් කිසියම් අවශ්‍යතාවයක් ඇත්තේ නම් හෙලිකොප්ටර් භාවිතා කරන බවත් ඇමැති විජිත හේරත් මහතා සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ විකාශය වූ වැඩසටහන සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

බදු මග හැර නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද අඩු මිල පාවහන් ඉහළ යෑම හේතුවෙන් මෙරට පාවහන් කර්මාන්තය දැඩි අභියෝගවලට මුහුණ පා සිටී.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා මැතිවරණ කොමිසම නිලධාරීන් පොලිසිය සමඟ උණුසුම් අවස්ථාවක් බදුල්ල නගරයේදී ඊයේ ඇති විය.

ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට ගෙන්වා බෙදාහැරීම සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.


ප්‍රධාන පුවත්

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.