News Category
From Date
To Date
Maximum Number of Result

ජූලි මස 14 සහ 15 යන දිනවල පැවැත්වූ ෆෝබ්ස් ඇන්ඩ් වෝකර් තේ බ්‍රෝකර්වරුන්ගේ 27 වන සතිපතා තේ වෙන්දේසියේදී සමස්ත තේ කිලෝග්‍රෑම් 6,160,485ක් අඩංගු පැකේජ 12,208ක් ඉදිරිපත් කර තිබිණි.

ශ්‍රී ලංකාව අතීතයේදී දෙමළ නිජබිමක්ව පැවති බවට සමාජගත කිරීමට උත්සාහ කරන මතවාදයන්ට එරෙහිව මෙරට සිංහල ජනතාව වහාම එක්විය විය යුතු බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා අවධාරණය කරයි.

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් තමන්ට එරෙහිව ලබාගෙන තිබූ අධිකරණ වාරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අතරමැදි පෙත්සම් සලකාබැලීම සඳහා අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ස්ථාන මාරු කර තිබේ.

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ආනේකෙට්ටිය ග්‍රාම නිලධාරී වසමේ මහකෝන්ගස්කඩ විහාරස්ථානය ආසන්නයේ පිහිටි රජයට අයත් අක්කර සියයක පමණ වටිනා වනාන්තර පද්ධතියක් කිසියම් පිරිසක් විසින් මේ වන විට දැඩි ලෙස විනාශ කරමින් පවතින බව වාර්තා වේ.

හිටපු පොලිස්පතිවරයෙකු වූ සී.ඩී. වික්‍රමරත්න මහතා සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

වත්මන් ආණ්ඩුව විසින් පසුගිය කාලයේ දී විවෘත කළ අලවල සංචාරක මධ්‍යස්ථානය මේ වන විට වල් බිහිවී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.

කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත මහතා රාජ්‍ය සේවකයින්ගෙන් සුවිශේෂී ඉල්ලීමක් සිදුකර තිබේ. ඒ මහතා පවසන්නේ රට පවතින තත්ත්වයෙන් මුදාගෙන ඉදිරියට රැගෙන යාම සඳහා ස්වේච්ඡාවෙන් පැය 24 පුරාම වැඩ කිරීමට තමන් ඇතුළු පිරිස සූදානම් බවයි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.