News Category
From Date
To Date
Maximum Number of Result

දේවගැති ජෙරොම්ට එරෙහිව මෙතෙක් සලකා බලා නොමැති තවත් පැමිණිලි පෙත්සම්කරුවන් විසින් නීතිපතිවරයා වෙත යොමු කළ හැකි බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් සහ ස්වාධීන තීරණයක් ගැනීමේදී මෙම පැමිණිලි සමාලෝචනය කරන බවත් නීතිපතිවරයා ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ප්‍රනාන්දු, රටේ ආගමික සහජීවනය පළුදු කරන බවට එල්ල වන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන්.

ඉන්දියානු, චීන ගනුදෙනු සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සිය ස්ථාවරය වෙනස් කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ස්තුතිය පළ කරන බව පවසයි.

රජයේ ගබඩා සඳහා වී තොග ගෙනවිත් භාරදෙන ගොවීන්ට සහතික මිලට අමතරව වී කිලෝවක් සඳහා රුපියල් 2ක මුදලක් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. ඔහු ගොවීන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටියේ යම් වී ප්‍රමාණයක් රජයේ ගබඩා සඳහා ද ගෙනවිත් භාරදෙන ලෙසය.

ජනාධිපති අනුර දිසානායක මහතා සිය මීළඟ විදෙස් සංචාරය ලෙස අමෙරිකාව බලා පිටත් වනු ඇති බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

දේශපාලකයන්ට කොළඹින් පිට ජාතිකත්වය මත පදනම් වූ ඡන්ද කෝටාවක් ඇති බවත්, එය පවතින්නේ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ජනතාවගේ හදවතේ බවත්, එහෙත් එම ජාතිකත්ව හැඟීම බලහත්කාරයෙන් යටකිරීමක් සිදුවී ඇති බවත් ජේෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ මහතා පවසයි.

සරණාගතයන් ලෙසින් රටට ඇතුළුවන අනවසර සංක්‍රමණිකයන්ට විරෝධය පළකිරීම සහ ඒ පිටුපස ඇති මිනිස් ජාවාරම හෙළාදැකීම සඳහා විරෝධය පළකරමින් ස්වදේශික ව්‍යාපාරය අද විපක්ෂනායක කාර්යාලය අසලදී විරෝධතාවයක් පැවැත්විය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය පවසන්නේ, විදුලි ගාස්තු සහනය ජනතාවට ලබාදීම තීරණය වන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව බවයි. මහජන උපයෝගිතා කොමිසමේ අධීක්ෂණ බලය තිබෙන්නේ මුදල් අමාත්‍යවරයාට යැයිද ඒ අනුව විදුලිය ගාස්තුව 20%කින් අඩු කිරීම අමාත්‍යවරයාගේ නිර්දේශ අනුව සිදුවනු ඇතැයිද සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පවසයි.

සින්තටික් මර්ජුවානා නොහොත් "කේ 2" නමින් සුරුට්ටුවක් ආකාරයෙන් පානය කර හැකි නවතම මත්ද්‍රව්‍ය යක් මේ වන විටත් සමාජගත වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

දේශපාලන සිරකරුවන් යැයි පිරිසක් නැතැයි කියන පැරැණි ප්‍රශස්ති ගායනා කිරීම නවතා දෙමළ දේශපාලන සිරකරුවන් සියලු ම දෙනා වහා නිදහස් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතු යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් පවසයි.


ප්‍රධාන පුවත්

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.