රන් ආලේපිත ගිනි අවිය පිටුපස සිටින ප්‍රබලයා ගැන තොරතුරු එළියට..
කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලනඥයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පසුගිය අඟහරුවාදා මෙම ගිනි අවිය හමුවූ අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව මේ වනවිට පොලිස් රැඳවුම් භාරයේ පසුවෙයි.
කොළඹ, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයට බෑගයක් තුළ බහාලූ ගිනි අවියක් රැගෙන ඇතුළුවීමට ගිය එහි පදිංචි කාන්තාවක් ඇතුළු කතුන් දෙදෙනෙක්, ඉකුත් අඟහරුවාදා දින අත්අඩංගුවට ගැනුණේ නිවාස සංකීර්ණයේ ආරක්ෂක අංශ පොලිසියට කළ දැනුම්දීමකට අනුවය.
එහිදී කාන්තාවගේ බෑගයේ තිබී T56 ගිනි අවියක් සහ මැගසිනයක් පොලිසිය සොයාගත් අතර එය රන් සහ රිදී පැහැයෙන් වර්ණ ගන්වා තිබුණි.
ඔවුන් පවසා තිබුණේ අගුළු දැමීමට නොහැකි තත්ත්වයක පවතින සිය මෝටර් රථයේ ඩිකියට කිසිවකු විසින් අදාළ ගිනි අවිය සහිත බෑගය දමා තිබූ අතර එය සෙල්ලම් බඩුවක් බව සිතා රැගෙන ගිය බවය.
අත්අඩංගුවට ගැනුණු කතුන් දෙදෙනා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන තිබුණි.
වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ප්‍රධාන සැකකාරිය අනාවරණ කර ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයෙකු විසින් මෙම ගිනි අවිය සිය නිවසේ සේවය කරන අරක්කැමියා හරහා තමාට ලබාදුන් බවය.
ඒ අනුව සිද්ධියට සම්බන්ධ අරක්කැමියා ඊයේ අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිවුණි.
විමර්ශන නිලධාරීන් පැවසුවේ ඔහුට මෙම ගිනි අවිය ලබාදී ඇති අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලනඥයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කරන බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි