News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් ජනපදය සියලුම චීන ආනයන සඳහා 104% දක්වා ඉහළ නැංවූ දැවැන්ත තීරු බදු පනවා ඇති අතර, එය පවතින වෙළඳ ගැටුම උත්සන්න කරමින් ඊයේ(8) එක්සත් ජනපද කොටස් වෙළඳපොළෙන් තවත් ඩොලර් ට්‍රිලියන 1.5 ක් අතුගා දැමීමට කටයුතු කර තිබේ.

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් තබන ලද සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදුකරන ලද ප්‍රකාශයකට අදාළව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ මහතා අදහස් පළ කරයි.

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තර හා රියැදුරන් ලෙස සේවයට බැඳුණු ඇතැම් පුද්ගලයන් පසුගිය පාලන කාලවලදී නුසුදුසු ආකාරයට ඩිපෝවල ඉහළ තනතුරුවලට පත්කර ඇති අතර එසේ පසුගිය වසර 5 තුළ එම තනතුරුවලට පත්කළ පුද්ගලයන් නැවත කලින් සිටි තනතුරුවලට ම ස්ථාපිත කළ බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.

ආණ්ඩුවට කොන්ද පණ තියෙනවානම් ඉන්දීය අගමැතිවරයා සමග ගැසූ ගිවිසුම් ප්‍රසිද්ධ කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහදන් කළේය.

ජාතික ජන බලවේග රජය බලයට පත්වන විට ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරය සතුව තිබුණේ අමෙරිකානු ඩොලර් මිලියන 20ක් පමණක් බවට වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ කළ ප්‍රකාශයෙන් පසුව ඔහු දැඩි විවේචනයට ලක්ව තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පැනවූ නව තීරු බදු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඉදිරියේදී ඇමරිකාවට යැවීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ කොට්ටාවේ ඊයේ පැවැති ජන රැළියකට එක්වෙමින්.

හිටපු රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ මඩකලපුව ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ වනවිට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එමින් පවතින බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් වෙන්නේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෙවර ශ්‍රී ලංකා සංචාරය ඉතා ආන්දෝලනාත්මක බවත්, ඉන්දීය අගමැතිවරයාගේ මෙම සංචාරයේ දී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7ක් අත්සන් කළද ශ්‍රී ලංකා රජය හෝ ඉන්දීය රජය මේ වන තෙක් එම ගිවිසුම් පිළිබඳව පැහැදිලි අනාවරණයක් සිදුකොට නොමැති බවත්, මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන අන්තර්ජාල නාලිකාවක් විසින් හෙළිකරයි.


ප්‍රධාන පුවත්

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.