News Category
From Date
To Date
Maximum Number of Result

අනුමැතිය ප්‍රමාද වූ ලුණු කන්ටේනර් 1000ක් රේගුවේ හිරවෙලා..

Aug 14, 2025 at 07:13 AM
|

ලුණු ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසන් දිනයෙන් පසුව මෙරටට ලැබුණු සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ප්‍රමාද වූ ලුණු කන්ටේනර් 1000ක් පමණ ශ්‍රී ලංකා රේගුවේ සිරවී තිබෙන බව ලුණු ආනයනකරුවෝ ප්‍රකාශ කළහ.

රජය මෙරටට ලුණු ආනයනය කිරීම සඳහා ලබා දුන් අවසන් දිනය වූ පසුගිය ජුනි 10 වැනිදායින් පසුව මෙරටට පැමිණි ලුණු කන්ටේනර් 400 ක් රේගුවේ සිරවී තිබෙන ලුණු කන්ටේනර් 1000 ට අයත් වන බවත් ඉතිරි 600 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ප්‍රමාද වීම හේතුවෙන් සිරවී තිබෙන කන්ටේනර් බවත් අනයනකරුවෝ සඳහන් කළහ.

අවසන් දිනය පසු වී මෙරටට ලැබුණු ලුණු කන්ටේනර් 400 සඳහා රජය සහනයක් ලබා නොදුන් බවත් එම ලුණු තොගය නැවතප්‍රති අපනයනය කරනු ඇති බවත් ආනයනකරුවෝ සඳහන් කළහ. වෙළෙඳපොළේ මේ වන විට ප්‍රමාණවත් ලුණු තොග තිබෙන බැවින් ඒ වෙනුවෙන් මේ අවස්ථාවේ සහනයක් අපේක්ෂා නොකරන බවත් එම ලුණු තොගය නැවත ප්‍රතිඅපනයනය කරනවාට විරුද්ධතාවක් නොමැති බවත් ආනයනකරුවෝ පැවැසූහ.

නැවත ප්‍රති අපනයනය කරන ලුණු කන්ටේනර 400 ප්‍රමාද වී ලැබීමට ආනයනකරුවන් හෝ අපනයනකරුවන් වැරදිකරුවන් නොවන බවත් එම අවස්ථාවේදී පැවැති දේශගුණික තත්වය ඊට හේතු වූ බවත් ඔවුහු පෙන්වා දුන්හ.

ආරංචි මාර්ග වලට අනුව දැනට වාරයේ සිරවී තිබෙන ලුණු බහාලුම් 400 ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණීමේදී ප්‍රමාද වී ඇත්තේ අහිතකර කාලගුණික තත්වයන් නිසාය. ගුජරාට් වරායෙන් නියමිත දිනට නැව් ගත කර ඇතත් අහිතකර කාලගුණික තත්වයන් හේතුවෙන් එම නැව් මෙරටට පැමිණෙන විට ජුනි 10 පසුවී ඇත.

රජය අවසර ලබාදීමට ප්‍රතික්ෂේප කර ඇති ලුණු මෙට්‍රික් ටොන් 10,000 වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියනයක් බව ද පැවැසෙයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ලැබීම ප්‍රමාද වීම බවත් ඒ හේතුවෙන් ලුණු කන්ටේනර 600 කට ආසන්න ප්‍රමාණයක් මාසයක පමණ කාලයක සිට සිරවී තිබෙන බවත් ඒ පිළිබඳව පසුගියදා සාකච්ඡාවක් පැවැත්වුණු බවත් ආනයනකරුවෝ ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ලැබීමට ප්‍රමාද හේතුව තමන් නොදන්නා බවද ඔවුහු පෙන්වා දුන්හ.

කාලගුණික හේතූන් නිසා මෙරට ලුණු නිෂ්පාදනය පසුගිය කාලයේදී පහළ වැටුණු අතර ඒ හේතුවෙන් මාස කීපයකට පෙර මෙරට දැඩි ලුණු හිඟයක් ඇති විය. ඒ හේතුවෙන් රජය ලුණු ආනයනයට පනවා තිබූ සීමා ඉවත් කරනු ලැබුවේය. එහිදී ලුණු මෙට්‍රික් ටොන් 150,000 ක් මෙරටට ආනයනය කිරීමට රජය අවසර ලබාදී තිබිණි. ලුණු ආනයනය කිරීම සඳහා ලබාදී තිබූ කාලය පසුගිය ජුනි 10 වැනිදායින් අවසන් විය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් මාසයකට ආසන්න කාලයක සිට ලුණු කන්ටේනර් 600 කට ආසන්න ප්‍රමාණයක් රේගුවේ සිරවී තිබෙන බවට වාර්තා කරුණු සම්බන්ධයෙන් අප පුවත්පත කළ විමසීමකදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රකාශකයකු පවසා සිටියේ ආනයන කරුවන් 45 දෙනකුගේ පමණ මෙරටට ආනයනය කළ ලුණු තොග මෙරට වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා නිසි ප්‍රමිතියකින් යුක්ත නොවීම හේතුවෙන් එම ලුණු තොග සඳහා අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි.

එම ලුණු තොග ශ්‍රී ලංකාව රේගුව නැවත ප්‍රති අපනයනය කරනු ඇති බවත් ප්‍රතිඅපනයනය කරන ලුණු තොගයට කන්ටේනර් කොපමණක් ඇතුළත් වේදැයි ප්‍රකාශ කිරීම අපහසු බවත් ඔහු පැවැසුවේය. ඊට හේතුව නිසි ප්‍රමිතියක් නොමැතිවීම හේතුවෙන් ප්‍රමිති කරණ සහතික ලබාදීම ප්‍රතික්ෂේප කළ ඇතැම් ආනයන කරුවන් විශාල වශයෙන් මෙරටට ප්‍රමිතියෙන් තොර ලුණු තොග ගෙන්වා තිබීම බවද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් පසුගිය කාලයේදී මෙරට ඇති වූ ලුණු හිඟයත් සමග ලුණු ආනයනය අවසර ලබාදීම හේතුවෙන් විශාල වශයෙන් මෙරටට ලුණු ආනයනය කළ බවත් එහිදී ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදුවූ බව ඔහු පැවැසුවේය. එසේම ඇතැම් ලුණු තොග ප්‍රමිති කරණ සහතික ලබාදීමට පෙර දෙවැනි වරටත් සාම්පල පරික්ෂා කිරීමට සිදු වූ අවස්ථා තිබූ බවත් එවන් අවස්ථා වලදී එම තොග ගෙන්වූ ආනයනකරුවන් නැවත වරක් සාම්පල බාර දීමේදී ප්‍රමාදයන් සිදුවූ බවත් ඔහු ප්‍රකාශ කළේය. තවද අවශ්‍ය කරන ලිපිගොනු බාරදීමේදී ප්‍රමාදයන් සිදු වූ අවස්ථාද තිබූ බව එම ප්‍රකාශකයා පැවැසුවේය.

- ලංකාදීප

සම්බන්ධිත පුවත් | Related News

නිකවැරටිය ප්‍රදේශයේදී පැවති ජනාධිපතිවරයාගේ ජනතා රැලිය ප්‍රදේශයේ මහා සංඝරත්නය විසින් වර්ජනය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සංසරණය වෙමින් පවතී.
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
කැරපොතු පක්ෂය හෙවත් ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දිප්කේ ඇතුළු නායකයින් තුන්දෙනෙකු නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
හැම පළාතකම අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
සිරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත චීවරය සහිතව බැහැරට ගෙනයාමට කටයුතු සැලැස්වීම සඳහා නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් පිරිසක් විසින් 'අස්වැසුම' සුභසාධක ප්‍රතිලාභ මුදල් වංචනික ලෙස තමන්ගේ සහ ඥාතීන්ගේ නමින් ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
පෞද්ගලික ඉන්ධන සමාගම් ඉන්ධන සැපයුම සීමා කරමින් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට පසුබට නොවන බව බලශක්ති අමාත්‍ය අනුර කරැණාතිලක මහතා අවධාරණය කරයි.
බන්ධනාගාරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ගලවා ඉවත් කර ගිහි ඇඳුමෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධියට විරෝධය පාමින් කැකිරාව නගරයේදී මහ සංඝරත්නය එක්ව විරෝධතා පාගමනක නිරත වී තිබේ.
මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

ප්‍රධාන පුවත්

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.