අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගයට එකඟ විය නොහැකියි.. මෙය රණවිරු දඩයමේ" දිගුවක් - මහාචාර්ය චන්න ජයසුමන..
නියෝජ්‍ය ආරක්ෂක අරුණ ජයසේකර මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙස දක්වමින් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත්, විශ්වාසභංගය ඉදිරිපත් කර ඇත්තේ අරුණ ජයසේකර මහතා දැන් සිදුකළ කටයුත්තක් ගැන නොව ඔහු හමුදා සේවයේ යෙදී සිටියදී සිදුකළ කටයුත්තක් අරමුණු කරගෙන බවත්, සරලවම කිවහොත් මේ "රණවිරු දඩයමේ" දිගුවක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙසේ පවසයි,
නියෝජ්‍ය ආරක්ෂක අරුණ ජයසේකර මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙස දක්වමින් විශ්වාස භංග යෝජනාවක් ඊයේ දින කතානායකවරයාට භාරදෙන ලදි.
එම විශ්වාස භංගයට මුලින්ම අත්සන් තබා ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.
මෙහි දැක්වෙනුයේ එම විශ්වාස භංග යෝජනාවයි. මෙය කියවන ඕනෑම කෙනෙකුට පැහැදිලි විය යුතු කරුණක් නම් විශ්වාසභංගය ඉදිරිපත් කර ඇත්තේ අරුණ ජයසේකර මහතා දැන් සිදුකළ කටයුත්තක් ගැන නොව ඔහු හමුදා සේවයේ යෙදී සිටියදී සිදුකළ කටයුත්තක් අරමුණු කරගෙන බවයි. සරලවම කිවහොත් මේ "රණවිරු දඩයමේ" දිගුවකි.
කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට දායක වූ හමුදා නායකයන් පසුව කුමන දේශපාලන අදහසක් දැරුවද, ඔවුන්ට එරෙහිව හමුදා සේවයේ සිටියදී කළ කී දෑ උලුප්පා දක්වමින් කරන හිරිහැර කවර මුහුණුවරකින් පැමිණිය ද අප එයට විරුද්ධවිය යුතුය. අප දේශපාලනිකව වත්මන් රජය සමග එකඟ නොවූ පලියට "මේජර් ජනරාල්" අරුණ ජයසේකරට විරුද්ධව කටයුතු කිරීමට එකඟ විය නොහැකිය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..