News Category
From Date
To Date
Maximum Number of Result

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ වී සහ එළවළු සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව යි. එමෙන්ම පොහොර ආනයනය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශයන් පිළිබඳව අද (22) දිනයේ කරුණු සොයා බැලීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

පසුගියදා අය වැය විවාදයට සහභාගි වෙමින් අමාත්‍යය විමල් වීරවංශ මහතා එරාන් වික්‍රමරත්න මහතා කළ යෝජනාවකට පිළිතුරු දෙමින් සිය කථාව ආරම්භ කරමින් පවසා සිටියේ පසුගිය යහපාලන ආණ්ඩුවට භාර දුන්නු රට ත්‍රස්තවාදයෙන් තොර ඉහළ ආර්ථික වර්ධන වේගයක් තිබූ රටක් බවත්ය.

ගුරු වැටුප් විෂමතාවයට රජය විසින් විසඳුම් ලබා දීමෙන් පසු ගුරු සංගම් නියෝජිතයන් අතර ජයග්‍රහනයේ අයිතිවාසිකම වෙනුවෙන් උනුසුම් තත්වයක් ඇතිවූ බව වාර්තාවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් පවසා සිටියේ මුතුරාජවෙල අභය භූමි කලාපයේ ඉඩම් අක්කර 400ක ප්‍රමාණයක් පර්චසය රුපියල් 500 ක් වැනි අඩු මුදලකට පෞද්ගලික සමාගමකට ලබාදී ඇති බවයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය රට තුළ පවතින සියලු ගැටලුවලට හේතු වී ඇති බවත් කොවිඩ් වසංගතය හේතුවෙන් බිද වැටුණු ආර්ථිකය ගොඩ ගැනීම සදහා රජය කඩිනම් පියවර ගෙන ඇති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඉන්දියාවෙන් ආනයන කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර වැඩි මිලට ශ්‍රී ලංකාවේ ගොවියාට විකුණන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වන විට පැමිණ ඇති බව වාර්තාවේ.

ලංවීම සභාපති එම්. සී. සී. ප‍්‍රදිනාන්දු මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් පමණ මෙරටට ගෙනඒමට නොහැකිවීමෙන් ලබන වසරේ මුල සිට රටතුළ බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී විදුලි කපාහැරීමට සිදුවනු ඇතැයි පවසා සිටියේය.

පවතින දැඩි වර්ෂාව හේතුවෙන් ගංඟා කිහිපයක් පිටාර ගලමින් පවතින බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසාස් සිටී.

මෙම සමුළුව ඉන්දුනීසියානු කර්මාන්ත අමාත්‍යංශය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධනය පිළිබඳ සංවිධානයේ(UNIDO) සහයෝගීතාවයෙන් සංවිධානය කරනු ලබන අතර එය මෙම මස 10 – 11 දෙදින තුළ “තිරසාර කාර්මීකරණය සඳහා කර්මාන්ත කඩිනම් කිරීම” යන තේමාව යටතේ පැවැත්වේ. මෙම සමුළුව සඳහා UNIDO සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ සාමාජික රටවල කර්මාන්ත අමාත්‍යවරු සහභාගී වෙති.


ප්‍රධාන පුවත්

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.